වහන්න කිව්වට මෙහෙම වහයි කියලා හිතුවේ නෑ කියයි
තමන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ සතියකට විද්‍යාත්මකව රට වසා දමා කොරෝනා පාලනය කිරීමට පියවර ගන්නා ලෙස වුවද ආණ්ඩුව සති පහක් රට වසා දැමූ බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා.
එහි සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරන්නේ එතරම් දීර්ඝ කාලයක් රට වසා දැමීමක් තම සංගමය බලාපොරොත්තු නොවූ බවයි.
එවන් දීර්ඝකාලීන රට වැසීමට දී සිදුවන්නේ ආර්ථිකය කඩා වැටීම සහ එදිනෙදා ආදායම සොයා ගන්නා ජනතාවගේ ජීවන තත්ත්වය තවත් කඩා වැටීම බවයි ඔහු පවසන්නේ.
රට වසා දැමීමේදී මෙන්ම යලි රට විවෘත කිරීමේ දී ද ආණ්ඩුව විසින් නිවැරදි විද්‍යාත්මක ක්‍රමවේද අනුගමනය කර නැති බවද ඔහු පෙන්වා දුන්නා.
මේ අතර සෞඛ්‍ය වෘත්තිකයන් ගේ ගැටළු ගැටලුවලට බලධාරීන් ප්‍රතිචාර නොදැක්වීම නිසා ඉදිරි දින කිහිපය ඇතුලත කලින් නොදන්වා හදිසි වැඩ වර්ජන කැඳවන බව ද ඒ මහතා සඳහන් සඳහන් කිරීම විශේෂත්වයක්.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට