මෙයට වසර දෙදහසකට පමණ පෙර සිදූ වූ ඛේදවාචකයන් වන “විසූවියස්” ගිනි කන්දේ පිපිරීම හේතුවෙන් දහසකට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ. එම ඛේදවාචකය හේතුවෙන් “පොම්පෙයි”, “හර්කියුලේනියම්”, “ප්ලොන්ටිස්” හා “ස්ටැබියේ” යන නගර මුළුමනින් ම විනාශ විය. මේ වන විට ඒ පිළිබඳ පර්යේෂණ සිදු කරමින් සිටින ඉතාලි පුරාවිද්‍යාඥයන් හට එහි දී මිය ගිය තරුණයෙකුගේ හිස්කබලෙහි තිබී මොළයේ සෛල කිහිපයක් සොයා ගැනීමට හැකි වී තිබේ.
මෙම සෛල හමු වී තිබෙන්නේ “හර්කියුලේනියම්” නම් වූ ප්‍රදේශයේ දී ය. ක්‍රි.ව. 79 දී සිදු වූ ගිනි කන්දේ පිපිරීම හේතුවෙන් අළුවලින් වැසී ගොස් තිබූ එම ප්‍රදේශයේ කැනීම් කටයුතු ප්‍රථමයෙන් ආරම්භ කෙරුණේ 1960 වසරේ දී පමණ ය.
මෙලෙස හමු වූ තරුණයා මිය යන විට 25 වැනි වියේ පමණ පසු වන්නට ඇති බව පර්යේෂකයින්ගේ විශ්වාසය යි. මළ සිරුර හමුවන විට ඔහු සිටියේ ඕගස්ටස් අධිරාජ්‍යයාට වන්දනාමාන කිරීම වෙනුවෙන් තනා තිබෙන්නට ඇතැයි සැලකෙන ගොඩනැඟිල්ලක් තුළ තිබූ ලෑලි මේසයක් මත, මුහුණ බිමට සිටින සේ වැතිරීගෙන ය.
ප්‍රධාන පර්යේෂක පියාර් පාවුලෝ හට 2018 වසරේ දී මෙම සෛල හමු වී තිබේ. කැනීම් සිදු කෙරෙමින් යන අතරතුර ඔහු දැක තිබුණේ අදාළ හිස්කබල මත දිළිසෙන කිසියම් දෙයක් තිබෙන බව ය. ඒ හරහා වැඩිදුර පර්යේෂණ සිදු කිරීමෙන් පසු ඔවුන් මෙම නිගමනයට එළඹ තිබේ.
අත නොහැර කියවන තැන
ඉන්දියාවේ උමගක් තුළ සිරවුණු කම්කරුවන් බේරා ගැනීම ඇරඹෙයි
සිවු දින සටන් විරාමයකට කැමැත්ත
ඊශ්‍රායල් – හමාස් යුද්ධයට සටන් විරාමයකට යෝජනාවක්