Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

වසර හැත්තෑවකට පෙර බුදු දහමින් සුපෝෂිත මානව ගුණදම් ලොවට කියාදුන් ජේ.ආර් ජයවර්ධන ශ්‍රීමතාණන්ට ජපානයේ හරසර

බිඳ වැටුණු ජපානය සුවපත් කළ ජපනුන් පණමෙන් ගරු කරන ඔහු..

ජපානයේ ටෝකියෝ නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙදී ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන ගුණසමරු උළෙලක් පැවත්වා තිබෙනවා.

ජපානයේ සාම ගිවිසුමට වසර 70ක් පිරීම හේතුවෙන් මෙම ගුණ සමරු උත්සවය සංවිධිනය කර ඇති අතර ජේ. ආර්. ජයවර්ධන ජපානයට කළ සේවය ඇගයීම එහි අරමුණ වී ඇත.

1951 වසරේ සැප්තැම්බර් මස 4 වැන දා ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර දී පැවැත් වූ සාම සමුළුවේදී එවකට ලංකාවේ මුදල් අමාත්‍ය ධුරය හෙබවූ ජයවර්ධන මහතා ධම්මපදයේ එන ‘‘නහී වේරේණ වේරාණි….‘‘ යන බුදු වදන මුල් කරගනිමින් දේශනයක් පැවැත් වූ අතර ඉන් පසු ලෝකයේ බොහෝ රටවල් ජපානය සමග සමීප සබඳතා පැවැත්වීමට යොමු වුණා.

හිරෝෂිමා සහ නාගසාකි පරමාණු ප්‍රහාරයෙන් බිඳවැටුණු ජපානය ලෝකයේ බොහෝ රටවල හිතවත් කම් මැද ස්වාධීනව නැගී සිටීමේ උත්සාහය තුළ ජේ.ආර් ජයවර්ධන ශ්‍රීමතාණන් විසින් සිදුකළ ප්‍රකාශය සහ මැදිහත් වීම ජපන් ජනතාව අදටත් සිහි කරන්නේ කෘතවේදිවයි.