බණ්ඩාරනායක මහතා ඝාතනයට ලක්වූයේ කොළඹ වරාය ජනසතු කිරීමට තීරණය කිරීම නිසා බවත් ඔහු දිවි පුදා ජනසතු කළ කොළඹ වරාය අද අහිමි වීමේ අවධානමක් මතුව ඇති බවත් ඩීව් ගුණසේකර මහතා පවසනවා.
“ශ්‍රී ලංකාවේ ඉදිරි මඟ” මැයෙන් මාතර ප්‍රදේශයේ පැවති රැස්වීමකදී අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් පවසන්නේ පෘතුගීසීන්, ලන්දේසීන්, ඉංග්‍රීසීන් ශ්‍රී ලංකාව අත්පත් කර ගැනීමට මූලික වූයේ ශ්‍රී ලංකාවේ වරාය බවයි.
අපේ පරමාධිපත්‍යය ලොවට ප්‍රකාශ වෙන්නේ ගුවන්තොටුපලවල් හා වරායවල් මගින් බව පවසන ගුණසේකර මහතා නැගෙනහිර ජැටිය ඉන්දියාවට දීමෙන් මහා බලවතුන්ගේ යුද්ධයක ගොදුරක් බවට ශ්‍රී ලංකාව ඉදිරියේදී පත්වන බවට අනතුරු ඇඟවීමක් ද සිදුකරනවා.
මේක අපේ ආර්ථික මර්මස්ථානයක්, ජාතික වස්තුවක්, සටන් බිමක් ඒ නිසා අපි ජනාධිපතිතුමාට සහ කැබිනට් එකට කියනවා මේක යළි සළකා බලන්න. දැන් තිබෙන්නේ අලුත් ලෝක තත්වයක් යනුවෙන් ද ඒ මහතා සඳහන් කළා.
අත නොහැර කියවන තැන
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට
‘අභිචෝදක තනතුර’ නීතිය දේශපාලනයට යටකිරීමක් – හිටපු අගවිනිසුරුවරයෙක් ආණ්ඩුවට අනතුරු අඟවයි