Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

වර්ජනය සාර්ථකයි

රජයේ බදු ප්‍රතිපත්තිය ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් අද දින ක්‍රියාත්මක කළ වැඩවර්ජන සාර්ථක බව වෘත්තීය සමිති නායකයෝ පවසති.

වරාය සේවා කටයුතු සම්පූර්ණයෙන්ම වැඩ නවතා ඇතැයි වරාය පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ මහතා පැවසීය. වරාය අධිකාරියේ සභාපතිවරයා බලහත්කාරයෙන් සේවකයන් රාජකාරියේ යෙදවීමට උත්සාහ කළත් එය අසාර්ථක වූ බවද ඔහු කියයි.

පාසල් සියයට සීයක් වසා දමා ඇතැයි ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලිං මහතා පැවසීය.

විදුලිබල මණ්ඩලයේ වෘත්තිය සමිති තිරණය කළ පරිදි නඩත්තු අංශය හා බලාගාර පමණක් සේවයේ යෙදෙන බව ද සෙසු සියලු සේවා නතර කර වර්ජනයට එක්ව ඇති බවද සමස්ත ලංකා විදුලි පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා පැවසීය.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ පොදු සංගමයේ සාමාජිකයන් හැර සෙසු වෘත්තීය සමිති අද සේවයට වාර්තා කර ඇති බව ලංකා ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ආචාර්ය අශෝක රංවල මහතා පැවසීය.

බලශක්ති ඇමතිවරයා ඊයේ දිනයේ සියලු වෘත්තීය සමිති නායකයන් කැඳවා සාකච්ඡාවක් සිදුකර තිබු බවද එහිදි තමන් ගත් තීන්දු කිසිවක් ආපස්සට හරවන්නේ නැතැයි ඇමතිවරයා පවසා තිබු බවද එම සාකච්ඡාවටද තම වෘත්තීය සමිතිය එකතු නොවු බවද රංවල මහතා පැවසීය

About The Author