වයස අවුරුදු 19න් පහළ ජාතික දැල් පන්දු කණ්ඩායමේ දක්ෂ ක්‍රීඩිකාවක් වන මෙලනි විජේසිංහ මෙනවියගේ මරණයට රාජකීය වෛද්‍ය එලියන්ත වයිට් වගකිවයුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා චෝදනා කරනවා.
මෙලනි විජේසිංහ ක්‍රීඩිකාවගේ මව්පියන් සඳහන් කරන පරිදි අතේ ඇති වූ අබාධයක් හේතුවෙන් ඔවුන් වෛද්‍ය එලියන්ත වයිට් මහතා හමුවට ගොස් ඇති අතර එහිදී ඔහු ඖෂධයක් පානය කිරීමට ලබා දී තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා චෝදනා කරන්නේ වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් මහතා මිය ගියේද වෛද්‍ය එලියන්ත වයිට් මහතා පානය කිරීමට ලබාදුන් එවැනි ඖෂධයක් පානය කිරීම හේතුවෙන් බවයි.
ඔහුගේ නිවසේ පැවති සම්පූර්ණ මාධ්‍ය හමුව මෙතනින්..


අත නොහැර කියවන තැන
වත්තක් දැකලවත් නැති මිනිස්සුන්ට බදු ගහලා රජය වතු කම්කරු පඩි ගෙවනවා – මේ මොන ආර්ථික සිද්ධාන්තයක්ද?
දඹුල්ලේ උසස් පෙළ සිසුවියගේ මරණයට හේතුව හෙළිවෙයි
අදත් හවසට මහ වැසි