මේ වන විට සිදු කරමින් යන මහා වන සංහාරය නතර කිරීමට වහා පියවර ගන්න ලෙස වැදි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් රජයට අනතුරු අඟවනවා.
මේ වන විටත් ජල මූලාශ්‍ර රැසක් විනාශ කරමින් ඇති බව පෙන්වා දෙන වන්නිල ඇත්තන් මෙය තමා කිසි සෙත් අනුමත නොකරන බවද පෙන්වා දෙනවා.
සාමාන්‍ය පුද්ගලයෙකු රක්ෂිත වනාන්තර භූමියකට ඇතුළු වී කොටු කැබැල්ලක් කඩා ගත්තත් නඩු දමන රටේ මෙවැනි මහා වන සංහාරයන් පිළිබඳ වගකිව යුත්තන් නිහඩව සිටීම කනගාටුදායක තත්වයක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.
මෙවැනි ජාතික අපරාධයන් සිදු කිරීමට කිසිවෙකුට අයිතියක් නොමැති බව පෙන්වාදෙන වැදි නායකවරයා රටේ ඇතැම් වන්නාන්තර පිටරට සමාගම් වලට විකුණා ඇති බවටද චෝදනා කළා.
මෙම විනාශය නතර කිරීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවත් ඒ වෙනුවෙන් අධිකරණයට යාමට කටුයුතු කරන බවත් සදහන් කළා.
ඌරුවරිගේ වන්නිලා ඇත්තන් මේ අදහස් පල කළේ අම්පාර රඹකැන් ඔය ප්‍රදේශයේ සිදුවන මහා පරිමාණ වන විනාශය පිළිබඳ සියැසින්ම දැක බලාැ ගැනීම සඳහා පැමිණි අවස්ථාවේ මාධ්‍යයට අදහස් පළකරමින්.
අදාළ වීඩියෝව පහළින්..
අත නොහැර කියවන තැන
ආනයනික කිරිපිටි බද්ද ඉහළට
ඊබ්‍රහිම් ගැන අනුර කට අරී
කොළඹට හෙට (23) පැය 12 ක ජල කප්පාදුවක්