“වැඩ සමග යළි ගමට” වැඩසටහන යටතේ ප්‍රදේශයේ ප්‍රශ්න හා ගැටළු සාකච්ඡා කර විසදුම් ලබාදීමේ වැඩසටහනක් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා(08) කුරුණෑගල පොල්පිතිගම ඉරුදෙනියාය ප්‍රදේශයේ දී පැවැත්වුණා.
එහිදී වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇත්තේ වනජීවී අධ්‍යක්ෂ වරයාගේ අනුමැතිය තිබේ නම් වනජීවී කලාපය තුල ඇති වැව් ඕනෑම මොහොතක ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩ ආරම්භ කිරීමට හැකියාව ඇති බැවින් ඒ සදහා අවසර ලබා දෙන ලෙසයි.
එහිදී රාජ්‍ය නිලධාරීන්ගේ කරුණු විමසීමෙන් පසුව හැකි ඉක්මනින් එම කටයතු ආරම්භ කරන ලෙස සහ ඊට අවසරය ලබාදෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පැවසු බව වාර්තවනවා.
මීට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරා මේ වන විට වැව් 163ක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා හදුනාගෙන ඇති අතර මේ වන විට එයින් වැව් 70ක් ප්‍රතිසංස්කරණය සඳහා ඇස්තමේන්තු සකස් කර තිබෙනවා.
එහිදී රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා ප්‍රකාශ කළේ එලඹෙන සදුදා දා සිට ප්‍රදේශයේ වැව් ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන බවයි.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි