Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

වතු කම්කරු වැටුප් ගැටලුව වටේ කැරකෙයි – කැබිනට් මණ්ඩලයටත් ගිහිං

වතු කම්කරු ජනතාවගේ දිනක වැටුප රුපියල් 1000 දක්වා ඉහළ නැංවීම පිළිබඳ පසුගිය කාලය මුළුල්ලේ සමාජයේ දැඩි කත බහක් නිර්මාණය කළ අතර වත්මන් ආණ්ඩුව බලයට පත් වීමට පෙර පවතී ආණ්ඩු සමයේද වතුකරයේ ජනතාව තම දිනක වැටුප රුපියල් 1000 දක්වා වැඩිකරන ලෙස ඉල්ලා උද්ඝෝෂණ වල නිරත වුණා.

ඒ අනුව 2019 වසරේ සහ 2020 වසරේ පැවති ජනාධිපතිවරණ සහ මහමැතිවරණ වල දී වතුකරයේ ජනතාව දිනා ගැනීමේ ප්‍රධාන පොරොන්දුවක් වුයේ මෙම වැටුප් පිළිබඳ මාතෘකාවයි.

ඒ අනුව 2021 අයවැය යෝජනා හරහාද මෙම වැටුප් ඉහළ නැංවීමේ යෝජනාව සම්මත වූ නමුත් එය ක්‍රියාත්මක වන බවක් දක්නට ලැබුනේ නැහැ.

ජනවාරි මාසයේ සිට අදාළ වැටුප් වැඩි වීම සිදු කරන බව පැවසුනත් මේ දක්වා එය ද ඉටු වී නැහැ.

මේ හේතුවෙන් පසුගිය දිනවල වට්ග්හු කම්කරු ජනතවගේ උද්ඝෝෂණ ව්‍යාපාර කිහිපයක් ද වතුකරයේ සංවිධානය කර තිබුණා.

කෙසේ වෙතත් මේ දක්වා ඒ සම්බන්ධයෙන් අවසන් පිළිතුරක් ලැබී නොමැති අතර ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ද මේ පිලිබඳ නැවත අවධානය යොමුව ඇති බවයි වාර්තාවන්නේ.

එහි දී වතු කම්කරුවන්ගේ අවම  දෛනික වැටුප රුපියල් 1000ක් කිරීම පඩි පාලක සභා හරහා  ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව සඳහන්ක.

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව කැබිනට් මණ්ඩලය මෙම තීන්දුවට එළඹ තිබෙනවා.

වතු ක්ෂේත්‍රයේ සාමූහික ගිවිසුම් නිසා අවම වැටුප රුපියල් දහසක් කිරීමේ ගැටලුවක් පවතින අතර සේව්‍ය පක්ෂය අකැමැති නම් පඩි පාලක සභා හරහා එම් තීන්දුව ක්‍රියාත්මක කළ හැකි බව එම පත්‍රිකාවෙන් කරුණු දක්වා ඇති බවයි වාර්තිතාවන්බේනේ.

මුදල් අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් නිරීක්ෂණ ලබාදීමට සතියක කාලයක් ඉල්ලා ඇති බව මෙහිදී හෙළිව ඇති අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර තිබෙන්නේ කල් නොයවා ප්‍රශ්නය විසදිය යුතු බවයි.

ඒ අනුව පඩි පාලක සභා හරහා හෝ වතු කම්කරුවන්ගේ අවම වැටුප රුපියල් දහසක් කිරීමේ තීන්දුවට කැබිනට් මණ්ඩලය එකග වී ඇති බවයි දැන ගන්නට තිබෙන්නේ.