පුද්ගලික වත්තකට අනවසරයෙන් ඇතුළු වී පොල් ගෙඩියක් සොරා ගත් බවට වූ චෝදනාවකට අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවකු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැරීමේ සිද්ධියක් වාර්තවනවා.
ගම්පහ මහෙස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා විසින් ඊයේ (19) මෙම නියෝග කර තිබෙනවා.
වතු හිමියා මල්වතුහිරිපිටිය පොලිසියට සැකකරු භාරදීමෙන් අනතුරුව මෙලෙස අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණා.
පොල්ගෙඩියක වෙළෙඳපොළ වටිනාකම මේ වන විට රුපියල් 90 – 120ක් පමණ වන අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කෙරුණේ එවැනි වටිනාකමක් ඇති පොල් ගෙඩියක් සොරා ගැනීමේ හා ඒ සම්න්බන්ධ වැරදි කිහිපයකට අදාළවයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සමාජ ජාල මාධ්‍ය තුළ විශාල කතා බහක් මේ වන විටත් නිර්මාණය වී ඇතිබව දැකිය හැකි.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට