Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

වගකීමෙන් පලා යනවා නම් ඔහු නායකයෙකු නොවේ – ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා ජනපතිට චෝදනා කරයි.

කෙනෙකු වගකීමෙන් පලා යනවා නම් ඔහුට කිසිවිටක නායකයෙකු විය නොහැකි බව සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.

සිය නිල ෆේස් බුක් පිටුවේ සටහනක් තබමින් ඔහු සදහන් කරන්නේ තම වගකීම් වෙනත් අයගේ කර මත පැටවීම නායකයෙකුගේ ගුණාංගයක් නොවන බවයි.

එමෙන්ම ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයෙකු බවත් ඔහු ආරක්ෂක ලේකම් වරයෙකු ලෙස තවදුරටත් හැසිරෙන බවත් ෆොන්සේකා මහතා සදහන් කර තිබෙනවා.

එමෙන්ම ජනාධිපතිවරයාගේ වගකීම් පැහැර හැරීමේ ප්‍රකාශ හේතුවෙන් ඔහු හමුදා සේවයේ යෙදී සිටියදී නියෝජනය කල ගජභා රෙජිමේන්තුවටද අවමන් සිදුවන බවද ඔහුගේ සටහනෙහි සදහන්.

අදාළ සටහන පහළින්..

වගකීමෙන් පලා යනවා නම් ඔහු නායකයෙකු නොවේ! – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා –

කොවිඩ් වසංගතය මර්ධනය කර ගත නොහැකිව එහි වගකීම අනෙක් සියලුම අයවලුන් වෙත පවරා තමන් ඇඟ බේරා ගැනීම නායකත්ව ගුණාංගයක් නොවේ!

කොරෝනා සමාජ ව්‍යාප්තියක් රටේ පවතින අවස්ථාවක එයින් ජනතාව මුදවා ගැනීමට රටේ සියලු ශක්තින් එකතු කරනවා වෙනුවට, මේ තාක් කැපවීමෙන් හා අධිෂ්ඨානයෙන් සේවය කරන ත්‍රිවිධ හමුදාවේ හා සෞඛ්‍යය අංශ වල චිත්ත ධෛර්යය මෙවැනි ප්‍රකාශ වලින් හීන වී යනු ඇත.

මීට අවුරුද්දකට කලින් රටේ ජනතාව ජනාධිපතිවරයෙක් පත් කර ගත්තේ ආරක්ෂක ලේකම්ගේ කාර්ය කරන්නට නොවේ! මෙවැනි ප්‍රකාශ මගින් ජනාධිපති නියෝජනය කරන කීරිතිමත් ගජබා රෙජිමේන්තුවටත් අවමානයක් බව මගේ විශ්වාසයයි!

About The Author