කන්න බොන්න සල්ලි නැතිවෙන මිනිස්සු ඉන්න අන්තම අසරණ රටවල් අතර හයවෙනි තැනට

ලෝක බැංකුවේ නවතම දත්තවලට අනුව ආහාර උද්ධමනය අතින් ශ්‍රී ලංකාව ලොව හයවන තැනට පැමිණ ඇතැයි වාර්තා වෙයි.
එම දත්තවලට අනුව මෙරට ආහාර උද්දමනය සියයට 86 කි.
ලෝක බැංකුවේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ නවතම තක්සේරු වාර්තාව මත පදනම්ව මෙම දර්ශකය සැකසී ඇත.
එම දර්ශකයේ රුවන්ඩාව සහ සුරිනාමය යන රාජ්‍යයන් ශ්‍රී ලංකාවට පහළින් සිටීම විශේෂත්වයකි. මෙම දර්ශකයේ රුවන්ඩාව සහ සුරිනාමය පිළිවෙලින් අටවෙනි සහ නවවෙනි ස්ථානයන්ට පත්ව ඇති අතර එම රටවල ආහාර උද්ධමනය පිළිවෙලින් සියයට 41ක් සහ 40 ක් වේ.
ලෝක බැංකු දර්ශකයට අනුව ලෝකයේ ආහාර උද්ධමනය වැඩිම රට ලෙස පළමු ස්ථානයට පත්ව ඇත්තේ සිම්බාබ්වේ රාජ්‍ය වන අතර එහි ආහාර උද්ධමනය සියයට 321 කි.
එම දර්ශකයේ දෙවැනි සහ තෙවැනි ස්ථාන දිනා ගැනීමට ලෙබනනය, වෙනිසියුලා රාජ්‍යයන් සමත්ව ඇති අතර දෙරටේ ආහාර උද්ධමනය පිළිවෙලින් සියයට 208 ක් සහ 158 ක් වේ.
අත නොහැර කියවන තැන
රොෂාන් රණසිංහට ජනපති රනිල් එල්ල කළ එක් චෝදනාවක් පරණ එකක් – එදා නිහඬව සිට අද කලබල වීම ගැටළුවක්
චී නෝනේ වැඩේ කැතයි
සැකකරුවෙකුට ඇප දෙන්න කියා මෛත්‍රීපාල අගවිනිසුරුට බලපෑම් කරලා – පර්යේෂණ වාර්තා සඟවලා