මෙම වසරේ සංචාරය කිරීමට සුදුසු ලෝකයේ හොඳම දූපත් 50 අතරින් 13 වැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී ඇත. මෙම ශ්‍රේණිගත කිරීම සංචාරක වෙබ් අඩවියක් වන බිග් සෙවන් ට්‍රැවල් වෙබ් අඩවිය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.
මෙම ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය බහාමාස් දූපත් වලට හිමි වී ඇති අතර දෙවන සහ තෙවන ස්ථාන පිළිවෙලින් ටස්මේනියාවට සහ රාජා අම්පට් දූපත්වලට හිමිව තිබේ.
කොවිඩ් වසංගතය,ශ්‍රී ලංකාවේ ඇති වූ ආර්ථික අර්බුදය සහ විරෝධතා හේතුවෙන් සංචාරක රේඩාරයෙන් කලක් ශ්‍රී ලංකාව ඉවත්ව සිටියත් මේ වන විට නැවත ශ්‍රී ලංකාව සංචාරක රේඩාරයට පැමිණ ඇතැයි බිග් සෙවන් ට්‍රැවල් වෙබ් අඩවිය පෙන්වා දී තිබේ.ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට හේතු 1000 ක් පෙන්වා දිය හැකි බවත් ශ්‍රී ලාංකිකයන් මිත්රශීලිවීම, ප්‍රණීත ආහාර තිබීම , සුන්දර වෙරළකින් වටවූ දූපතක් වීම සහ නැරඹීමට පෞරාණික ස්ථාන රාශියක් තිබීම ඉන් හේතු කිහිපයක් බව බිග් සෙවන් ට්‍රැවල් වෙබ් අඩවිය ප්‍රකාශ කර ඇත.


අත නොහැර කියවන තැන
පානීය ජලය සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නැහැ
ආපදා මරණ 474ක් – 356ක් අතුරුදන් – වැඩිම මරණ මහනුවරින්
වසා දැමු මාර්ග 159ක් යළි විවෘත කෙරේ