Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ලොවට විහිළු සපයන ට්‍රම්ප්.

ඇමරිකාවේ ජනාධිපතිවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබා දෙන මූල්‍යමය පහසුකම් නවත්වා තිබේ. ඔහු ප්‍රසිද්ධියේ චෝදනා කරන්නේ එම සංවිධානය කොවිඩ් වසංගතය නොසලකා හැරි බවට යි. 

  1. තොරතුරු ලද සැනින් විනිවිද පෙනෙන මට්ටමකින් අධීක්ෂණය නොකිරීම.
  2. රෝගය තවකෙකුට ආසාදනය නොවන බව කීම.
  3. චීනයට පක්ෂපාතී වීම.
  4. සංචාරක තහංචිවලට එරෙහි වීම.

 යන මූලික චෝදනා සතර ඔවුනට එරෙහි ව එල්ල කරන ට්‍රම්ප්, චීනයට හා සෞඛ්‍ය සංවිධානයට පමණක් නොව හිටපු ජනාධිපති බරක් ඔබාමා ගැන ද පැමිණිලි කරයි. එහෙත් ට්‍රම්ප් සැබැවින් ම නිදොස් ද?

මේ වන විට ඇමරිකාවේ කොවිඩ් 19 ආසාදිතයින් 1,666,840ක් පමණ වන අතර මරණ 98,690 කි. මිය ගිය සංඛ්‍යාව සැලකිල්ලට ගැනීමේ දී ස්වදේශික ඇමරිකානුවන් ප්‍රතිශතය ලක්ෂ පහකට 0%ත් 1%ත් අතර වන බව පෙනී යයි. සුදු ජාතිකයින් 20.7%ක් වන අතර ලතින් 22.9% කි. ආසියානුවන් 22.7% වන අතර වෙනත් සුළු ජාතීන් 25.9% කි. එහෙත් ගැටලුව වන්නේ කළු ජාතිකයින්ගේ ය. මේ වන විට ඇමරිකාවේ වෙසෙන කළු ජාතිකයින් 50%කට වැඩි ප්‍රතිශතයක් මිය ගොස් ඇත. ට්‍රම්ප් ඔතරම් දක්ෂයෙකු නම් මෙසේ වනුයේ කෙලෙසක ද? 

තතු සොයා බලන විට එරට වෛද්‍ය පහසුකම් ලබා දීමේ දී පමණක් නොව සියලු කාරණවල දී යම් රටාවකට අනුව යම් යම් ජාතිකයින්ට මූලිකත්වය ලැබෙන බව පෙනී යයි. 

  1. කොල ඇස්, සුදු සම ඇති ඉංග්‍රීසි ජාතිකයින්.
  2. නිල් ඇස්, සුදු සම, ඉංග්‍රීසි ජාතිකයින්.
  3. දුඹුරු ඇස්, සුදු සම, වෙනස් වර්ණ හිසකෙස් සහිත ඉංග්‍රීසි නොවන්නන්(ලතින්).
  4. ඇල වූ ඇස්, කහ සම, ඉංග්‍රීසි නොවන්නන්(චීන, ජපන්).
  5. කළු ඇස්, දුඹුරු සම, කළු හිසකෙස්, ඉංග්‍රීසි නොවන්නන් (දකුණු ආසියාතිකයන්).
  6. කළු ඇස්, කළු සම, කළු හිසකෙස්, ඉංග්‍රීසි නොවන්නන්.

මේ අනුව රෝගයෙන් බේරීමට ද වැඩි ඉඩක් ඇත්තේ 1 සහ 2 යන ස්ථානවල සිටින ඇමරිකානුවන්ට පමණි. එබැවින් ඇමරිකානු දේශපාලන සංස්කෘතියේ ගැටලුවක් ඇති බව පෙනී යයි. තව ද, ඇමරිකාවේ විසූ පළියට සියලුදෙනාට ම අපට මෙන් වෛද්‍ය පහසුකම් හිමි නොවන අතර ඊට ද මුදල් ගෙවා රක්ෂණාවරණයක් ලබා ගත යුතු බව පෙනේ.

මෙවන් පසුබිමක ට්‍රම්ප් සාධාරණ ව ජනතාවට සහන සලසනවා යැයි සිතිය හැකි ද? ඔබාමා ඇමරිකාව වෙත හඳුන්වා දුන් “ඔබාමා කෙයාර්” නම් වූ වෛද්‍ය රක්ෂණය අත්හිටු වීමට ද ට්‍රම්ප් හට තිබුණේ පුදුමාකාර හදිසියක් නොවේ ද? 

කුප්‍රකට ට්‍රම්ප් – ඔබාමා ගැටුම ඔහු ජනාධිපති ව සිටි 2009 වසර තරම් ඈතට දිව යන්නකි. ව්‍යාපාරිකයෙකු වූ ට්‍රම්ප් සහ හිටපු ජනාධිපතිවරයා සහභාගී වූ ප්‍රසිද්ධ සාකච්ඡාවල දී ඔහු ඔබාමාගේ දෝෂදර්ශනයට ලක් වන අයුරු පෙනෙන්නට තිබිණි. එහි දී හිස නමා අසා සිටිය ද, කිසිදු දේශපාලන පක්ෂයක ක්‍රියාකාරිකයෙකු නොවූ මෙම ව්‍යාපාරිකයා 2017 දී ඔබාමාට එරෙහිව යුධ වදින්නට ආවේ කළු ජාතිකයින්ගෙන් පළි ගැනීම සිය පරම චේතනාව කරගත් නිසාවෙන් බව ප්‍රසිද්ධ රහසකි. 

මෙම වසංගත අවස්ථාවේ සිය ක්‍රියාකලාපය සාධාරණීකරණය කරන ඩොනල්ඩ් ට්‍රම්ප්, රටවැසියන්ගේ මරණවලට ද චෝදනා  නඟන්නේ ඔබාමාට යි. මෙතුවක් සිටි සියලු ජනාධිපතිවරුන්ගෙන් අසාර්ථක ම නායකයා 44 වන වරට බලයට පත් වූ ඔබාමා බව පවසන ඔහු, මෙවන් ගැටලුකාරී අවස්ථාවක් මැඬ පැවැත්වීම වෙනුවෙන් එම රජය කිසිදු ක්‍රියාමාර්ගයක් හෝ පහසුකමක් දියුණු කර නොතිබූ බව පෙන්වා දෙයි. තම වරද වසා ගැනීමට, පෙර ආණ්ඩුවට චෝදනා කරන මෙම නායකයාට අමතක ව ගොස් ඇති එක් කාරණයක් වනුයේ ඔහු බලයට පත් ව මේ ගෙවී යන්නේ සිව් වන වසර බව ය.

එසේ නම් මුළු ලොව ම වසංගතයකින් තැති ගෙන ඇති මෙවන් අවස්ථාවක, මහා බලවතා යැයි උදම් අනා ගන්නා ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ නිවැරදි ද? උඩ පනිමින් සතර අතට චෝදනා නැඟුව ද, ඔහුත් ඔබාමාත් රජ කළ කාල වකවානු සංසන්දනය කර බලන විට වඩාත් දුර්වල පාලකයා වන්නේ පැමිණිලිකරු ම නොවේ ද?

ශ්‍රීනි ලංකා ජයකොඩි

About The Author