Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ලී ෂාන් බුදු පිළිමය යට වෙයි.

චීනයේ, “සිචුආන්” පළාතේ, “චෙන්ග්ඩු” ප්‍රදේශයට ආසන්න ව පිහිටා ඇති අඩි 40ක් පමණ උස් වන “ලී ෂාන්” බුද්ධ ප්‍රතිමාවේ පා ඇඟිලි ජලයෙන් යට වී තිබේ. ඒ, හදිසියේ පැමිණි ගංවතුරක් හේතුවෙනි. අවසන් වරට මෙවැන්නක් සිදු වී ඇත්තේ මීට වසර 70කට පෙර, එනම් 1940 වසරේ දී පමණ ය. 

සාමාන්‍යයෙන් ප්‍රතිමාව පිහිටනුයේ ජලය මට්ටමට වඩා ඉහළිනි. දෙස් විදෙස් සංචාරකයින් බොහොමයක් කුඩා ඔරු හා බෝට්ටුවලින් පැමිණ , මෙම ලෝක උරුමය දැක බලා ගැනීමට උනන්දු වන බව පෙනේ. එහෙත් බලධාරීන් පවසන්නේ පවත්නා තත්ත්වය අනුව එම ප්‍රදේශයේ සිරවී සිටින සංචාරකයින් 180ක් පමණ සොයා ගොස් බේරා ගැනීමට තමන්ට සිදු ව ඇති බව යි.

About The Author