Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ලබන මස මැදභාගය වනවිට රට ම අවදානමේ – කොරෝනා වැළදුණු සිසුවෙක් පාසලේදී සිහිසුන්ව ඇදවැටෙයි

දැනට පවතින තත්ත්වය හමුවේ ලබන මස මැදභාගය වනවිට රට තුළ දැඩි අවදානම් තත්ත්වයක් නිර්මාණය වනුඇති බවට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අනතුරු අඟවනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ මේ වන විට ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක වලින් කොරෝනා රෝගීන් හමුවෙන තත්ත්වයක් නිර්මාණය වී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දෙන්නේ මේ වන විට බස්හනාහිර පළාතට සාපේක්ෂව සෙසු පළාත් වලින් වාර්තාවන දෛනික රෝගීන් සංඛ්‍යාව 35%කින් පමණ වැඩි වී ඇති බවයි.

ඊයේ දිනයේද සිදුකරන ලද PCR පරීක්ඒෂණ වලින් පමණක් රෝගීන් 800 කට ආසන්න පිරිසක් හදුනාගෙන ඇති බව පෙන්වා දුන් අලුත්ගේ මහතා බරපතල කරුණ මෙම පිරිසගේ ආශ්‍රිතයන් හදුනා ගැනීම බවයි සඳහන් කළේ.

එබැවින් හැකි අසනනතම මොහොතේ දී හැකි ඉක්මනින් එන්නත් ප්‍රමාණය ලංකාවට ගෙන්වා ගැනීම අත්‍යවශ්‍ය බවද අවධාරණය කළා.

මේ අතර හැටන් ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබමින් සිටි 14 හැවිරිදි සිසුවෙකු පාසල් වේලාව තුළදී හසිදියේ සිහිසුන්ව ඇද වැටී තිබෙනවා.

එම අවස්පථාවේදී එම සිසුවා දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එම සිසුවාට කළ ඇන්ටිජන් පරීක්ෂණයකින් ඔහු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගෙන තිබෙනවා.

ඉගෙනුම ලැබු පංති කාමරයේ සිටි සිසුන් 37 දෙනෙක්, ගුරුවරුන් 14 දෙනෙක් ඇතුළු පිරිසක් නිරෝධායනයට යොමු කර පාසල් පරිශ්‍රය විෂබීජහරණය කිරීමට පියවර ගත් බව ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කර තිබෙනවා.

අදාළ සිසුවාගේ මවටද කොරෝනා අසාදනය වී ඇති බව අනාවරණය වී තිබෙනවා.

© – මුලාශ්‍රය – Aruna.lk