පුත්තලම අරුවක්කාරු හුණුගල් නිධියට අදාලව අත්සන් කෙරුණු අයථා ගිවිසුමක් සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව වැඩබලන පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් කර තිබෙනවා.
රිෂාඞ් බදුර්දීන් විෂයභාර අමාත්‍යවරයව සිටි සමයේ දී මෙම ගිවිසුමට අත්සන් කර ඇති බවයි එහි සභාපති ගාමිණී ඒකනායක නෙත් නිවුස් වෙත පැවසුවේ
එවකට සිටි විෂයභාර අමාත්‍යවරයා සහ සිමෙන්ති සංස්ථාවේ ඉහළ නිලධාරින් මෙන්ම ගිවිසුමට එළඹි සමාගමද සිදුව ඇති අක‍්‍රමිකතාවට වගකිවයුතු බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුනේ.
ප‍්‍රශ්නගත ගිවිසුම නිසා අහිමි වූ ආදායම යළි අයකර ගැනීමට කටයුතු කරන බව ද සිමෙන්ති සංස්ථාවේ සභාපති ගාමිණී ඒකනායක නෙත් නිවුස් වෙත පැවසුවා.


අත නොහැර කියවන තැන
ඉහළ කොත්මලේ එක් වාන් දොරටුවක් විවෘත කරයි
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
දෙහිවල සිටි ඇනකොණ්ඩා පැටවා අතුරුදන්