2020 ඔක්තෝබර් මාසය අවසානයේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 5,858.5 ක් ලෙසින් වාර්තා වේ.
මෙම අගය 2020 සැප්තැම්බර් 30 දිනට ඩොලර් මිලියන 6,666.3 ක් ලෙසින් සටහන් වූ අතර ඒ අනුව ඔක්තෝබර් මාසය තුළ දී ඩොලර් මිලියන 807.8කින් නිල සංචිත වත්කම් ප්‍රමාණය පහළ ගොස් ඇත.
මෙහිදී විදේශ විනිමය සංචිතය ඔක්තෝබර් මාසය තුළ දී ඩොලර් මිලියන 6,188.9 සිට ඩොලර් මිලියන 5,384.9 ක් දක්වා ඩොලර් මිලියන 804කින් පහළ යාම මෙලෙස සංචිත වත්කම්වල අඩුවීමට ප්‍රධාන ලෙසින් දායක වී තිබේ.
2020 ඔක්තෝබර් දෙවැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් කල් පිරෙන එක්සත් ජනපද ඩොලර් බිලියනයක් වටිනා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයක්, නියමිත කූපන ගෙවීම් ද සහිතව, පියවනු ලැබූ අතර සංචිත වත්කම්වල පහළ යාම සඳහා එය ප්‍රධාන වශයෙන් හේතු විය.

අත නොහැර කියවන තැන
කිරිසප්පයින්ට අහිතකර සබන් විකුණූ සමාගම වරද පිළිගනී – ජනතාවට ප්‍රවේශම් වන්නැයි දැනුම් දීමක්
කොළඹ විශ්වවිද්‍යාලය සම්ප්‍රදායික රාමුවෙන් එළියට පනී – විද්‍යාත්මක පර්යේෂණ වලට අපමණ අගයක් සොයයි
සතොසෙන් සුපර් වැඩක් ..