Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ලංකාවේ බැංකු 10ක් පහළට

ගෝලීය ශ්‍රේණිගත කිරීම් සමාගමක් වන ෆිච් රේටින්ග්ස් සමාගම විසින් ශ්‍රී ලංකාවේ බැංකු 10 ක ශ්‍රේණි ගත කිරීම පහත දමා තිබේ.

එසේම ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය, ටෙලිකොම් පුද්ගලික සමාගම සහ ශ්‍රී ලංකාව පදනම්ව ක්‍රියාත්මක වන ලක්දනවි සමාගමේ ශ්‍රේණිගත කිරීම් ද ෆිච් රේටින්ග්ස් සමාගම පහත දමා ඇත.

ලංකා බැංකුව, මහජන බැංකුව, කොමර්ෂල් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, සම්පත් බැංකුව, කාගිල්ස් බැංකුව, ඩී.එෆ්.සී.සී බැංකුව, ජාතික සංවර්ධන බැංකුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, සෙලාන් බැංකුව ෆිච් රේටින්ග්ස් සමාගම ශ්‍රේණිගත කිරීම් පහත දැමූ බැංකු 10 වේ.

About The Author