Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ලංකාවේ පළමු නියෝජ්‍ය පොලිස්පතිවරියට නඩු වැටුණේ ඇයි?

ලංකා ඉතිහාසයේ මේවන විට බිහිව ඇති පළමු නියෝජ්‍ය පොලිස්පතිවරිය වන බිම්ශානි ජාසිංහ ආරච්චි මහත්මියගේ පත්වීමට එරෙහිව මේ වන විට නඩුවක් පවරා තිබෙනවා.

‌‌ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක්ම මෙම නඩුව ගොනු කර ඇති අතර සමාජය තුළ එම නඩුව සහ අදාළ සිද්ධිය පිළිබඳ කතා බහට ලක්වන්නේ එය ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳ ගැටළුවක් සේ හුවා දක්වමින් වීම විශේෂත්වයක්.

පොලිස් සේවය තුළ වර්තමානයේ උසස් වීම් සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු රැසක් පිළිබඳ මුල් වරට විශේෂ ලියුම් කරුවෙකු විසින් සිදු කරන ලද අනාවරණයක් හරහා මුල් වරට රටට වාර්තා කරන ලද්දේ ද අප විසින්.

එබැවින් නැවත වතාවක් බිම්ශානි ජාසිංහ ආරච්චි මහත්මියගේ පත්වීම සම්බන්ධයෙන් එල්ල වී ඇති විරෝධය පිළිබඳ කරුණු හෙළි දරව් කිරීමට අප අදහස් කළේ සමාජයට එම කරුණු ද වැදගත්වන බව සිතු නිසයි.

විශේෂ ලියුම්කරු විසින් හෙළිකළ කරුණු..

කාන්තාවන්ට තැන දීමෙි සංකල්පය මත එහි සත්‍ය කතාව යටගියද මෙම උසස්වීම වර්තමාන පොලිසියේ කඩාවැටීම පෙන්නුමි කරන කණගාටුදායක සලකූණකි. 

බිම්ශානි දෙපාර්තමේන්තුවට එක්වනුයේ උප පොලිස් පරීක්ෂකවරියක් ලෙස 1991 වර්ෂයේදීය. සහකාර පොලිස් අධිකාරිවරුන් බඳවා ගැනීමේ පරීක්ෂණයේදි උස ප‍්‍රශ්නයක් මත ඇයව පරීක්ෂණයෙන් ඉවත් කෙරෙන අතර 2018 වර්ෂයේදී ඇය සිටින්නේ කාන්තා පොලිස් පරීක්ෂක තනතෙුර්ය.

උස ප‍්‍රශ්නය තම මූලික අයිතිවාසිකම් කඩවීමක් බවට කළ පැමිණිල්ලක් මත සහකාර පොලිස් අධිකාරී ධුරයට ඇය උසස් කරන්නේ 2018 වර්ෂයේදීය.

අනතුරුව ඇය විසින් කරන ලද අභියාචනා මත ඇයගේ උසස් වීම 2008.12.31 දිනට පෙරදාතම කරනු ලබන්නේ විභාග හා දීර්ඝකාලීන සේවය මත උසස්වීම් ලබා සිටි සියලූම කාන්තා පොලිස් අධිකාරීවරියන්ට එක් දිනක් ඉහළින් තබාය.

ඉන් අනතුරුව මෙතෙක් පොලිසියේ අනුමත තනතුරක් නොවන කාන්තා නියෝජ්‍ය පොලිස්පති තනතුරට ද ඇය පත්වේ.

මෙහිදී වසර තුනක් තුළ ඇය පොලිස් පරීක්ෂක තනතුරේ සිට සහකාර පොලිස් අධිකාරී පොලිස් අධිකාරී, ජේෂ්ඨ පොලිස් අධිකාරි තනතුරු පසුකර ගොස් ඇත.

මේ සඳහා සමත් විය යුතු අශ්වාරෝහක ප‍්‍රවීණතා පරීක්ෂණය කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය, දෙමළ භාෂා පරීක්ෂණ, සම්මුඛ පරීක්ෂණ මෙන්ම දිස්ත‍්‍රික් භාර කොට්ඨාස භාර නිලධාරීන් ලෙස ලැබිය යුතු පළපුරුද්ද ද ඇයට අවශ්‍ය වී නැත.

ශී‍්‍ර ලංකා පොලිස් දෙපාර්තමේන්තුව තූළ නියෝජ්‍ය පොලිස්පති තනතුර මෙතරම් හෑල්ලූවට ලක් වූ අවස්ථාවක් පොලිස් ඉතිහාසයේ තවත් නොමැති බව නොකිවමනාය. මෙම අරුම පුදුම උසස්වීම් වලට මූලිකම සුදුසුකම ඇය උපත ලැබූ ගම් ප‍්‍රදේශය වීරකැටිය වීම බව පොලිසිය තුළ නොරහසකි.

උපුටා ගැනීම අවසන්..

මෙය පුරවැසියකුගේ සාක්ෂි සහිත අදහස් දැක්වීමේ අයිතියට ඉඩ ලබා දීමක් වන අතර මෙහි සඳහන් කරුණු සහ චෝදනා සම්බන්ධයෙන් යම් පාර්ශ්වයකට හෝ පුද්ගලයෙකුට පිළිතුරු හෝ ප්‍රතිචාර ලබා දීමට ඇති අයිතිය වෙනුවෙන් ද මාධ්‍ය සදාචාරයට ගරු කරන වෙබ් අඩවියක් ලෙස ප්‍රමුඛතාවය ලබා දෙන බවද අවධාරණය කරමු.

ඔබේ ප්‍රතිචාර (mmpcmediasolution@gmail.com) අපගේ වෙබ් අඩවියට යොමු කරන්න.