ශ්‍රී ලංකාව තුළ ද භාරතීය ජනතා පක්ෂය නිර්මාණය කිරීමට සැලසුම් කර ඇති බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන ඉන්දීය නිවාස අමාත්‍ය අමිත් ශාහා ප්‍රකාශකර තිබෙනවා.
ඔහු පෙන්වා දී ඇත්තේ ඉදිරි කාලයේදී එලෙස භාරතීය ජනතා පක්ෂය ශ්‍රී ලංකාව තුළ ද ස්ථාපනය කිරීමෙන් අනතුරුව ඒ හරහා මෙරට මහමැතිවරණයන් සඳහාද ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන බවයි.
මෙම සැලසුම අමිත් ෂාහා විසින් හෙළි කර ඇත්තේ සෙනසුරාදා ත්‍රිපුර් ප්‍රදේශයේ සංචාරයක නිරත වීමෙන් අනතුරුව අදහස් දක්වමින්.
රබීන්ද්‍ර සතබාර්ෂිකි භවන් හි පැවති රැස්වීමකදී ඔහු මේ අදහස් පවසා ඇති බව ත්‍රිපුර මහ ඇමති බිප්ලබ් ඩෙබ් මහතා විසින්ද තහවුරු කර තිබෙනවා.
ඉන්දියාවේ සියලුම ප්‍රාන්ත ජයග්‍රහණය කිරීමෙන් පසු අසල්වැසි රටවල ආණ්ඩු පිහිටුවීමට භාරතීය ජනතා පක්ෂයට අවශ්‍ය බව මෙහිදී සාකච්ඡාව ට ලක්වූ බවද සඳහන්.
ඉන්දියාවේ බලය අත්පත් කර ගැනීමෙන් පසු ඉතිරිවන්නේ ශ්‍රී ලංකාව සහ නේපාලය තුළ ආණ්ඩු පිහිටුවීම බවද මෙහිදී පවසා ඇති බව ඉන්දීය මාධ්‍ය වරත කරනවා.
භාරතීය ජනතා පක්ෂය සියලු ප්‍රාන්ත සහ රටවලද බලය අත්පත් කරගනිමින් ක්‍රියා කරන බවත් එහි ලකුණ වන නෙලුම් මල සියලු තැන්වල පිපෙණු ඇති බවත් මෙම කරුණු හෙළි කළ ත්‍රිපුර මහ ඇමති බිප්ලබ් ඩෙබ් මහතා විසින් ප්‍රකාශ කර තිබෙනවා.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි