Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ලංකාවේ කොරෝනා මළසිරුරු භූමදානයට එක්සත් ජාතීන්ගේ සංවිධානයත් අත දායි

කොරෝනා හේතුවෙන් මියයන පුද්ගලයින්ගේ අවසන් කටයුතු සහ චාරිත්‍ර සම්බන්ධයෙන් මෙරට එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් මෙනවිය විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කොට තිබෙනවා.

එමගින් ඇය පෙන්වා දෙන්නේ බෝ වන රෝගයක් හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සිරුරු ආදාහනය කළ යුතුය යන පොදු උපකල්පනය මඟින් එම රෝගය පැතිරීම වැළැක්විය හැකි බවට සාක්ෂි සහිතව ඔප්පු කර නොමැති බවයි.

ඇය සඳහන් කරන්නේ ආදාහනය කිරීම සංස්කෘතික තේරීමක් හා පවතින සම්පත් පිළිබඳ කාරණයක් බවයි.

එබැවින් මේ සම්බන්ධ කරනා වලදී වැඩ සංවේදීව කටයුතු කරන ලෙසද ඇය රජයෙන් ඉල්ලා තිබෙනවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට යොමුකර ඇති මෙම ලිපියේ පිටපත් විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සහ අධිකරණ අමාත්‍ය අලි සබ්රි යන මහත්ම මහත්මීන් වෙත ද යොමු කිරීමට ඇය පියවර ගෙන තිබෙනවා.

අදාළ ලිපිය පහළින්..