Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ලංකාවේ ආර්ථිකය බිමට සමතලා වෙයිද ? ඩොලර් සුරැකුම්පත් වේගයෙන් පහත වැටේ

ජාත්‍යන්තර මුල්‍ය දර්ශක නියාමකයන් විසින් අධි අවදානම් රටක් ලෙස නම් කිරීමත් සමග ශ්‍රී ලංකාවේ ඩොලර් සුරැකුම්පත්වල අගය සීඝ්‍රයෙන් පහත වැටී තිබේ. 

මූඩී’ස් ආයෝජක සේවය (Moody’s Investors Service) විසින් පසුගිය සැප්තැම්බර් අගදී ශ්‍රී ලංකාව ‘ඉහළ’ ණය අවදානමක් සහිත රටක සිට ‘ඉතා ඉහළ’ ණය අවදානමක් සහිත රටක් දක්වා තත්ත්වයෙන් පහත හෙලීම, ශ්‍රී ලංකාවේ ඩොලර් සුරැකුම්පත් වල අගය සැප්තැම්බරයේ දී 15.5% කින් ද, ඔක්තෝම්බරයේ දී 20% කින් ද ලෙස, දෙමසක් තුළ දී 35.5% කින් පහත වැටීමට හේතු වී බව බ්ලූම්බර්ග් බාර්ක්ලේස් ගෝලීය බැදුම්කර දර්ශකය විසින් පෙන්වා දී තිබේ.

මෙසේ ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම B2 සිට Caa-1 දක්වා පහත හෙලීමෙන්, මූඩි’ස්  ඇතුළු ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන ලංකාව ගැන ජාත්‍යන්තර ආයෝජකයන්ට පෙන්වූ ඉදිරි දැක්ම බිය ගන්වන්නකි.

”මෙසේ ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම B2 සිට Caa-1 දක්වා පහත හෙලීමෙන්, මූඩි’ස්  ඇතුළු ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන ලංකාව ගැන ජාත්‍යන්තර ආයෝජකයන්ට පෙන්වූ ඉදිරි දැක්ම බිය ගන්වන්නකි.”

 ඒ අතර රොයිටර් පුවත්සේවය දක්වා සිටියේ, එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලංකා භූමියේ සිට, චීන කොමියුනිස්ට් පක්ෂය මෙරට තුළ “විලෝපිකයකු” ලෙස ක්‍රියාකරමින් ‘නොමනා ගනුදෙනු’ හා ‘අවනීතිය’ ගෙන එනු ලැබූ බවට කළ ප්‍රකාශය නිසා ඇතිවූ තත්වය ද ආයෝජකයන් අතර පසුබෑමක් ඇති කළ බව ය‍.

Pompeo Dinesh

පොම්පියෝ ගේ ප්‍රකාශය නිසා ඇතිවූ තත්වය ද ආයෝජකයන් අතර පසුබෑමක් ඇති කළ බව ය‍.

බ්ලූම්බර්ග්ට අනුව මෙය පසුගිය මාස දෙක ඇතුලත දී ආසියානු කලාපයේ ඩොලර් බැදුම්කර වෙළදපල තුළ දී රටක් ලත් අතිශයින් විපත්තිදායක අලාබයයි. 

මේ අලාබය වඩාත් කැපී පෙනෙන්නේ මෙයට පෙර දී ආසියානු කලාපයේ ඩොලර් බැදුම්කර වෙළඳපලේ ඉහලින් ම වැජඹුනු ශ්‍රී ලංකාවේ මේ හදිසි කරණම නිසා බව ද ඔවුන් පෙන්වා දේ.   

ඉහළ ණය ප්‍රමාණයන් හා දුර්වල රාජ්‍ය මූල්‍ය.

 මෙහිදී ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය පෙන්නුම් කර සිටියේ, ලංකාවේ පුළුල් අයවැය හිඟයත්, මන්දගාමී ආර්ථික ප්‍රතිසංස්කරණ තත්ත්වයත් මත, ඉදිරි වසර කිහිපය තුළ ගෙවීමට ඇති විදෙස් ණය වාරික ගෙවීම් සපුරාලීම සඳහා ශ්‍රී ලංකාව සතු සුරක්‍ෂිත නැතිනම් ස්ථීරසාර ආදායම් ප්‍රභවයන්ගේ සීමිත භාවය නිසා, ගෙන ඇති ණය පොලී ගෙවීම සඳහා පවා නැවත ණය ලබා ගැනීමට සිදු වීමේ අර්බූධකාරී තත්වයකට ලක් වනු ඇති බවයි. 

ශ්‍රී ලංකාවේ ජාතික ණයවල වර්තමාන වටිනාකම රුපියල් ට්‍රිලියන 13 කි. 

මේ අතර ආසියානු සංවර්ධන බැංකුව අනාවැකි පළ කරන්නේ, කොවිඩ් -19 ආසාදන නැවත පැතිරීම මධ්‍යයේ, 1951 න් පසු ලංකාව මුහුණ දෙන විශාලතම ආර්ථික සංකෝචනයට මුහුන දීමට සිදුවනු ඇති බවයි. 

ඒ අනුව දළ දේශීය නිෂ්පාදිතය මේ වසරේදී අවම වශයෙන් 5.5% කින් හැකිලෙනු ඇති බවයි. 

වසර ගණනාවක් තිස්සේ සාපේක්ෂ අඩු පොලී අනුපාත වලට ණය ලබා ගැනීමට හැකි වීමට හේතු වූ, ඉහළ ප්‍රතිලාභ සෙවීම සඳහා අවදානම් සහගත ණය වෙත ගිය (අප වැනි ණය ශ්‍රේණිගත කිරීමේ පහල සිටින රට වලට ණය දුන්) ගෝලීය මුදල් කළමනාකරුවන්ට මෙය අනතුරු ඇඟවීමේ කතාවකි. 

ආර්ථික වශයෙන් දුර්වල ආරම්භක කොන්දේසි සහිත රටක්:

 ජාත්‍යන්තර ආයෝජන කළමණාකරන සේවා ආතනයක් වන ඇබර්ඩීන් ස්ටෑන්ඩර්ඩ් ඉන්වෙස්ට්මන්ට්ස් ඉන්කෝපරේටඩ්  හි ප්‍රකාශක කෙවින් ඩාලි උපුටා දක්වමින් රොයිටර් වාර්තා කරන්නේ; ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇති සැබෑ තත්ත්වය වන්නේ, එය ඉතා ඉහළ ණය මට්ටම් සහ විශාල අය-වැය හිඟයන් ඇති තැනක් බවයි.

ඇබර්ඩීන් ස්ටෑන්ඩර්ඩ් ඉන්වෙස්ට්මන්ට්ස් ඉන්කෝපරේටඩ්  හි ප්‍රකාශක කෙවින් ඩාලි උපුටා දක්වමින් රොයිටර් වාර්තා කරන්නේ; ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇති සැබෑ තත්ත්වය වන්නේ, එය ඉතා ඉහළ ණය මට්ටම් සහ විශාල අය-වැය හිඟයන් ඇති තැනක් බවයි.  

ලංකාණ්ඩුව  IMF කාර්යක්‍රමයකට ඇතුල්වී ද නොමැති බවත් – ණය දරා ගැනීම නැතිනම් නඩත්තු කිරීම සඳහා අවශ්‍ය දේ කිරීමට ද රජය කැමැත්තක් පෙන්වා නැති තත්ත්වයක් පවතින බවත් මෙම වාර්තාව කියයි. 

අගය දියවී යන මුදල්, ණය ශ්‍රේණිගත කිරීම් පහත හෙලීම, මුහුණත ඉලක්කමෙන් අඩක වටිනාකමෙන් යුත් බැඳුම්කර, දළ දේශීය නිෂ්පාදිතයෙන් 100% මට්ටමට ලගා වී ඇති රාජ්‍ය ණය, රජයේ ආදායමෙන් 70% ඉක්මවන වාර්ෂික ණය පොලී ගෙවීම්; යනා දී ලෙසින් වූ දැඩි ආර්ථික අස්ථාවරත්වයක් හමුවේ ලංකාව සිටින බව ද මේ වාර්තාවේ දී මතු කර ඇත. 

ඒ සියල්ල මධ්‍යයේ මුත් ශ්‍රී ලංකා මහ බැංකුව නැවත නැවතත් කරන්නේ “සිය සියලු ණය සේවා බැඳීම්වලට ගරු කරන” බවට ශපත කිරීම බව ද රොයිටර් වාර්තා කරයි.

About The Author