Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රොෂාන් රණසිංහට ජනපති රනිල් එල්ල කළ එක් චෝදනාවක් පරණ එකක් – එදා නිහඬව සිට අද කලබල වීම ගැටළුවක් 

අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා හේතු වී ඇති බව පැවසෙන සිදු වීම් දෙක පිළිබඳ  මේ වන විට සමාජයේ කතා බහක් නිර්මාණය වී තිබෙනවා. 

ඉන් පළමුවැන්න ලෙස ජනාධිපතිවරයා විමසා තිබුණේ ක්‍රිකට් අර්බුදය විසදා ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හා සාකච්ඡා කිරීමට කැබිනට් මණ්ඩලය විසින් අනු කමිටුවක් පත් කර තිබි දී ක්‍රීඩා ඇමතිවරයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ කාර්යාලය වෙත ගොස් සජිත් ප්‍රේමදාස හා විපක්ෂ සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල සමඟ ක්‍රිකට් අර්බුදය විසදීම සඳහා ඉන්දියන් මහ කොමසාරිස් කාර්යාලය හා කතා කළේ ඇයි ද යන්නයි.

දෙවෙනි පැනය ලෙස මහවැලි ඉඩම් බෙදා දීම වෙනුවෙන් ඇමතිවරයා ලෙස ඔහු ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවෙන් යෝජනා කර තිබූ පිරිසෙන් බහුතරයක් ඔහුගේ දේශපාලන හිතවතුන් සහ ඥාතී මිත්‍රාදීන් වූවේ ඇයි ද යන්නයි. එසේ කළේ මන්දැයි විමසා ඇති ජනපති ඉඩම් හිමි අහිංසක ජනතාව සිටියදී මෙලෙස කිරීම ගැටළුවක් බවද පෙන්වා දී තිබේ. 

කෙසේ වෙතත් ක්‍රීඩා, මහවැලි සහ වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස රොෂාන් රණසිංහ මහතා විසින් මහවැලි ඉඩම් තම හිතවතුන්ට බෙදා දීමේ සිදුවීම මීට බොහෝ කලකට පෙර සිදු වුවක් බවත් ඔහු එලෙස නීති විරෝධීව 

ප්‍රදේශ කිහිපයක රජයේ ඉඩම් සිය හිතවතුන් අතර බෙදා දී ඇති බවත් අනාවරණය වී තිබෙනවා.

මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල ප්‍රදේශයේ ද රජයේ ඉඩම් රැසක් එලෙස තම හිතවතුන් පිරිසකට ලබා දීමට සුදානම් වන බවටත් පවසමින් මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කුමාරි කවිරත්න මහත්මිය මේ සිදුවීම පිළිබඳ මීට මාස 10 කට පමණ පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබෙනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් රෝහිණී කුමාරි කවිරත්න මන්ත්‍රීවරිය සහ රොෂාන් රණසිංහ අමාත්‍යවරයා අතර අවස්ථා කිහිපයක දී අදහස් හුවමාරු වී ඇති බවත් ලග්ගල ප්‍රදේශයේ ඉඩම් නොමැති පවුල් රැසක් සිටිය දී අමාත්‍යවරයා විසින් කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයින්ට සහ තම හිතවතුන්ට ඉඩම් බෙදා දීමට එරෙහිව අදාළ මන්ත්‍රීවරිය විසින් ජනාධිපතිවරයාට පැමිණිලි කර ඇති බව අප මීට පෙර කරුණු හෙළිකරනු ලැබුවා.

ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා විසින් වහා මැදිහත්ව මෙම ඉඩම් බෙදා හැරීම වහා නවතා දමන ලෙස රොෂාන් රණසිංහ මහතාට නියෝග කර ඇති බවද නියෝග කර ඇති බව ද පැවසෙනවා.

කෙසේ වෙතත් එම වරද සිදුකර තිබියදී මාස ගණනාවක් රොෂාන් රණසිංහ අමාත්‍යවරයා සම්බන්ධයෙන් කිසිදු විනය ක්‍රියාමාර්ගයක් නොගත් ජනාධිපතිවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දුෂණ හෙළිකිරීමේ සිදුවීම සහ ඒ ආශ්‍රිත සිදුවීම් පාදක කරගනිමින් ඔහු අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම පිටුපස සිටින්නේ කවුද යන්න පිළිබඳ ප්‍රශ්නාර්ථයක් මතුව තිබෙනවා.

මේ එම සිදුවීම අදාළ Mee Massoo TV ඔස්සේ විකාශනය වූ රහස් කියන මී මැස්සා 35 වන වැඩසටහන මගින් මීට මාස කිහිපයකට පෙර හෙළි කළ ආකාරයයි..

About The Author