Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රුපියල් 345 ට තිබුණු උඳු කිලෝවක් දැන් 1600 යි – උඳු වෙනුවට පාන් පිටි යෙදීමෙන් , තත්ත්වයෙන් බාල කෑම

වෙළෙඳපළේ උළුඳු මිල ඉහළ යාම හේතුවෙන් පපඩම්, තෝස සහ වඩේ නිෂ්පාදනය කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව ඒ ආශ්‍රිත නිෂ්පාදකයෝ කියා සිටිති.

මීට වසරකට පමණ පෙර උඳු කිලෝ ග්‍රෑම් 1 ක මිල රුපියල් 345 ක් වුවත්, මේ වන විට උඳු කිලෝ ග්‍රෑම් 1 ක් රුපියල් 1600 දක්වා ඉහළ ගොස් ඇති බවද එම ව්‍යාපාරිකයෝ කියා සිටිති.

දේශීය වගාවන් ආරක්ෂා කිරීම මුල් කරගෙන විදෙස් රටවල්වලින් ධාන්‍ය වර්ග ගෙන්වීම නතර කිරීමට රජය පසුගිය කාලයේ කටයුතු කර ඇති අතර එසේ නතර කර ඇති ධාන්‍ය වර්ග අතරට උළුඳු ද අයත් බව උඳු ආශ්‍රිත නිෂ්පාදකයෝ සඳහන් කරති.

මෙරට වගා කරන උඳු පිරිසිදු කිරීමට අවශ්‍ය කරන යන්ත්‍ර – සූත්‍ර නොමැති බවත් මෙම තත්ත්වය නිසා දේශීය වගාකරුවා මෙන්ම ආශ්‍රිත නිෂ්පාදකයාද අසීරු තත්ත්වයකට පත්ව සිටින බවද ඔවුහු පෙන්වා දෙති.

මෙම තත්ත්වය හේතුවෙන් උඳු යොදා සිදු කර ඇති නිෂ්පාදන බොහෝමයකට පාන් පිටි යොදා ගැනීම හේතුවෙන් තත්ත්වයෙන් බාල ආහාර වෙළෙඳපළ තුළ අලෙවි වන බවද එම ව්‍යාපාරිකයෝ පෙන්වාදෙති.