පසුගිය රාජපක්ෂ පාලන සමයේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන් යානා 14ක් මිලදී ගැනීම සඳහා අත්සන් කරන ලද ගිවිසුමක් අවලංගු කිරීම සඳහා යහපාලන සමයේදී රුපියල් කෝටි 1706ක වන්දි මුදලක් ගෙවා ඇති බව අනාවරණය වී තිබෙනවා.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ 2018/19 වර්ෂය සඳහා නිකුත් කරන ලද වාර්ෂික වාර්තාවට විගණකාධිපතිවරයා ලබාදී තිබෙන වාර්තාව මගින් මෙම තොරතුරු හෙළි වුණා.
2013 වසරේදී අත්සන් කරන ලද එම ගිවිසුම අනුව A-330-300 ගුවන් යානා 06ක් සහ A-350-900 ගුවන් යානා 04ක් මිලදී ගැනීම සහ A-350-900 ගුවන්යානා 04ක් කල්බදු ගැනීම සඳහා එම ගිවිසුමක් අත්සන් කර තිබෙනවා.
නමුත් අත්සන් කර ඇති ගිවිසුම අනුව ගුවන් යානා ලබාගැනීම ශ්‍රී ලංකන් සමාගම බරපතළ මූල්‍ය අනතුරකට හෙළීමක් බව තහවුරු වීමෙන් එම ගිවිසුම අත්හැර දැමීමට තීරණය වී ඇතිබව සඳහන්ද.
නමුත් අදාළ ගිවිසුම අවලංගු කිරීමට අදාළව වන්දි වශයෙන් රුපියල් කෝටි 1706ක් ගෙවීමට යහපාලන රජය කටයුතු කර ඇති බව සඳහන්.
එසේම 2020 – 2021 කාලයේදී A-350-900 ගුවන් යානා 04ක්ද මිලට ගැනීම සඳහා අත්සන් කර තිබූ ගිවිසුමක් අවලංගු කිරීම වෙනුවෙන් රුපියල් කෝටි 253ක වන්දියක්ද ගෙවීමට සිදුවී තිබුණා.
මේ අනුව අදාළ ගිවිසුම් අවලංගු කිරීම සඳහා රුපියල් කෝටි 1,959ක මුදලක් වන්දි වශයෙන් ගෙවා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
අත නොහැර කියවන තැන
පොලිස්පතිව හොයාගන්න බැරි රටේ අපරාධකරුවන් හොයාගන්නේ කොහොමද? – දේශබන්දු අතුරුදන්
ගිහිල්ලා මහ බැංකුව වට කරන්න ජනාධිපති උපදේශකයෙකු කියලා
ජල පිරිපහදුවට ගෙන්වූ ‘ලයිම්’ වල ක්‍රෝමියම් වැඩියි.. පිළිකා ඇතිවීමේ අනතුරක්..?