වසර 1924 දෙසැම්බර් මස 14 වන දින පේෂාවර් නගරයේ (වර්තමාන පාකිස්තානය) උපත ලැබූ රන්බීර් රාජ් කපූර්, රඟපෑම පිය උරුමයෙන් ම ත්‍යාග ලැබූවෙකි. ඒ, ඔහුගේ පියා වූ පෘථිවි රාජ් කපූර්ගෙනි.
අවුරුදු 23 දී “නීල් කමල්” (1947) චිත්‍රපටයෙන් කල එළි බැසි රාජ් තරුණයාගේ රුව පසු ව “ආග්” (1949), “බර්සාත්” (1949), “සර්ගම්” (1950), “ආවාරා” (1959), “ශ්‍රී 420” (1955), “මේරා නාම් ජෝකර්” (1972) යනාදී චිත්‍රපට සැත්තෑවකට අධික සංඛ්‍යාවක දකින්නට ලැබිණි. ප්‍රථම චිත්‍රපටයෙන් ම ඔහුගේ නාමය චිර ප්‍රසිද්ධ විය. රාජ් රඟපෑ චිත්‍රපටවල විශේෂත්වය වනුයේ ඒවායින් බොහොමයක් ඔහුගේ ම නිෂ්පාදනයන් විම ය. රාජ් කපූර්ගේ “ආවාරා” චිත්‍රපටය කෙතරම් ජනප්‍රිය වී ද කියතොත් එය රුසියානු භාෂාවෙන් ද හඬකැවිණි.
ශම්මි කපූර් හා ශෂී කපූර් යන සහෝදරයන්ගේ සහයෝගය මැද රාජ් ගමන් ගත් මාර්ගය ආරක්ෂා සහිත විය. එම දශකයේ චිත්‍රපට ක්ෂේත්රයේ සිහින කුමරා ඔහු ම විය. තමාගෙන් පසු තම නාමය ගෙන යනු වස් රන්ධීර් කපූර්, රිශී කපූර්, රාජීව් කපූර්, රීතු සහ රීමා යන දූවරුන් හා පුතුන් ද චිත්‍රපට ක්ෂේත්රයට පැමිණීම ඔහු අගය කළේ ය. 1988 වසරේ ජුනි මස 13 වන දින මිය යන තුරා ම රාජ් කපූර් නමැති අසහාය නළුවා සිය “ආර්.කේ. ප්රඩක්ෂන්ස්” නමැති සමාගම යටතේ චිත්‍රපට නිර්මාණයෙහි යෙදී සිටියේ ය.
“මෙ ලොව ආදරය හැර අන් කිසිවක් නොමැතිය” යන්න ඔහුගේ මුවග නිතොර රැඳි වදන් පෙළ යි.
අත නොහැර කියවන තැන
ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී ඒරානන්ද හෙට්ටිආරච්චිගේ “මාධ්‍ය භූමිකා” ජනගත කෙරේ
මගී පර්යන්තයට ආ නොහැකි යෝදයා
විජිත හේරත් කොතක් නිරාවරණය කරද්දී කොත්වහන්සේ අහසේ පාවී පොළවට වඩී