Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රාජ්‍ය පාලනය “Born Again” අතට? ජනාධිපතිවරයාගේ භික්ෂු කමිටුව ගැන මම කළකිරුණා – ඇල්ලේ ගුණවංශ හිමි ආන්දෝලනාත්මක හෙළිදරව්වක

රාජ්‍ය පාලන බලය “Born Again” නම් මුලධර්මවාදී කණ්ඩායමක් අතට පත්වීමේ අවධානමක් මතුව ඇති බව පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් සඳහන් කරනවා.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමද වර්තමානය වන විට “Born Again” ග්‍රහණයට නැතුව ඇති බවයි.

හිරු TV ඔස්සේ පසුගිය සඳුදා විකාශනය වූ සලකුණ වැඩසටහනට එක් වෙමින් උන්වහන්සේ මෙම අනාවරණය සිදු කළා.

නාලක ගොඩහේවා, ජලනි ප්‍රේමදාස, ඉරාන් වික්‍රමරත්න වැනි ප්‍රසිද්ධ චරිත සහ ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය පවා මෙම “Born Again” බලපෑමට නතු වීම සම්බන්ධයෙන් මැදිහත් නොවන්නේ මන්දැයි නිවේදකයෙකු එහිදී උන්වහන්සේගෙන් ප්‍රශ්න කළා.

එහිදී උන්වහන්සේ සඳහන් කරන්නේ තමන් වහන්සේට ඇති ප්‍රශ්න ඉදිරිපත් කිරීමට පවා කෙනෙක් අද නැති බවයි.

මහින්ද රාජපක්ෂ මහතාගේ සමයේදී තිබු තත්වය මේ වන විට නොමැති බව පැවසු ඇල්ලේ ගුණවංශ හිමියන් වත්මන් ජනාධිපතිතුමන් භික්ෂුන් වහන්සේ මුහුණ දෙන ප්‍රශ්න විසඳීම සඳහා කමිටුවක් පත් කල බවත් එක අවස්ථාවක පමණක් තමන් වහන්සේ එයට සහභාගී වූ බවත් සඳහන් කළා.

නැවත එයට සහභාගී නොවුයේ කල කිරීම නිසා දැයි නිවේදකයා විමසු අවස්ථාවේ උන්වහන්සේ එය අනුමත කරමින් තමාට අදාළ කමිටුව ගැන කලකිරීමක් ඇති බව පිළිගත්තා.

About The Author