Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රාජ්‍ය ඇමති නීතියට පිටින් වැඩ කරන්න කියයි – ජාතික අපරාධ කරන්න බෑ කියා නිලධාරීන් ඇමතිට එරෙහි වෙයි (VIDEO)

වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා සහ වනජීවි නිලධාරීන් පිරිසක් අතර, ගැටලුවක් නිරාකරණය කරගැනීමට යෑමේදී උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය.

පොළොන්නරුව ජලගැළුම් නිම්න ජාතික වනෝද්‍යානයේ සංවේදී කලාපයක වගා කටයුතු කිරීමට හා කිරි ගවයින්ට තෘණ ආහාරයට ගැනීම සඳහා ඉඩ ලබාදෙන ලෙස එය ආසන්නයේ පිහිටා ඇති තඹාල හා වෙහෙරගොඩයාය ප්‍රදේශවල ගම්වාසීන් ඉල්ලීමක් කර තිබේ.

ඊට වනජීවි නිලධාරීන් විරුද්ධවීම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවිය.

කෙසේ වෙතත් වනජීවී නිලධාරින්ට තර්ජනය කරමින් පොලෙන්නරුව ජල ගැලුම් නිම්න රක්ෂිතයේ මාර්ගයක් ඉදි කිරිමට සහ ගෘහාශ්‍රිත ගවයන් රක්ෂිතය තුලට ඇතුල් කිරිමට ඉඩ ලබාදෙන ලෙසට වනජිවි නිලධාරින්ට බලපැම් කර තර්ජනය කිරිමට විරෝධය දක්වමින් හෙට (27) දින දිවයින පුරා වනජිවි නිලධාරින් සංකේත වැඩ වර්ජනයක නිරත වන බව සමස්ත ලංකා ඒකාබද්ධ වනජිවි නිලධාරින්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහතා අවධාරණය කරයි.

මාධ්‍යය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ප්‍රභාෂ් කරුණාතිලක මහතා වැඩි දුරටත් කියා සිටියේ වනජිවි රාජ්‍යය අමාත්‍යවරයා විසින් වන සත්ව සහ වෘක්ෂ ලතා අඥා පනතට පටහැනිව කටයුතු කරන ලෙසට වන ජිවි නිලධාරින්ට බල කිරිම සහ දෙපාර්තුමේන්තුව, බලධාරින් පහත් කර දැකිමට විරුද්ධව එකාබද්ධ වනජිවි නිලධාරින්ගේ සංගමය සහ වනජිවි එකමුතුව විසින් එක් දින සංකේතාත්මක වෘත්තිය ක්‍රියා මාර්ගයකට එලඹෙන බවයි.

“මේක පැහැදිලිවම බලපැම් සහ තර්ජනය කිරිමක්. මේ රාජ්‍යය අමාත්‍යවරයාගේ ක්‍රියාවට විරෝධය පල කරමින් එක්දින අසනිප නිවාඩුක් වාර්තා කරමින් සංකේතාත්මක වැඩ වර්ජනයක් සිදු කරනවා. මෙවැනි තර්ජනය නැති කිරිමටත්, නිතිගරුක සමාජයක් බිහි කිරිමටත් මෙයින් බලාපොරොත්තු වනවා.

අප කිසිදු රාජකාරි කටයුත්තකට අවතිර්ණ වෙන්නේ නැ , රාජ්‍යය අමාත්‍යවරයා වන අලින්ගේ අහාර ජලාය තමයි විනාශ කරන්නේ. වන අලි ගම්වැදිමට වැලකිමට ඇති දේවල් තමයි රාජ්‍යය අමාත්‍යවරයා විසින් විනාශ කරන්නේ. එයට එරෙහිව තමයි අපි කටයුතු කරන්නේ එහි වගකිම වනජිවි රාජ්‍යය අමාත්‍යවරයා භාරගත යුතුයි.

රක්ෂිත හරහා මාර්ගයක් ඉදි කිරිම සහ ගෘහස්ත එල ගවයන් රක්ෂිතවලට ඇතුල් කිරිමට නිලධාරින්ට බල කරලා තියෙනවා. වනජිවි අමාත්‍යවරයාට මේ සම්බන්ධයෙන් ලිඛිතව ඉදිරිපත් කරලා තියෙනවා , (27) දින උදෑසන ඒ සම්බන්ධයෙන් පිලිතුරක් නොමැති වුවහොත් අපි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට එලඹෙනවා” යැයි වැඩිදුරටත් ඔහු පවසා සිටියි.