Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ආණ්ඩුව නීතිය කුඩුකර එම කුඩු දිය කර රූප ඇඳ පාට කරනවා

රාජපක්ෂ ආණ්ඩුව මේ වන විට රටේ නීතිය තමන්ට අවශ්‍ය ලෙස වෙනස් කරමින්  සිටින බව  එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් රුවන් විජයවර්ධන මහතා චෝදනා කරනවා.  ඔහු  පවසන්නේ රටේ නීතිය කුඩුකර, දිය කර  තම තමන්ට කැමති මෝස්තර  අඳිමින් පාට කරමින්  ආණ්ඩුවේ දේශපාලන නායකයින් කටයුතු කරමින් සිටින බවයි.  මේ හේතුවෙන් රටේ නීතියේ ආධිපත්‍යය පිළිබඳ බරපතළ අර්බුදයක් නිර්මාණය වී ඇති බව  පෙන්වා දෙන  විජයවර්ධන මහතා මෙහි ආසන්නතම සිදුවීම ලෙස කුරුණෑගල රාජ සභා මණ්ඩපය ඩෝසර් කිරීමේ සිද්ධිය ගෙනහැර දැක්වුවා.

එහිදී ඔහු සඳහන් කළේ  ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්‍රමුඛ  රජයේ මැති ඇමැතිවරුන්  මෙම පුරාවිද්‍යා උරුම සංහාරය පිළිබඳ පරස්පර විරෝධී අදහස්  සහ පුරාවිද්‍යා නීතිය පිළිබඳ සත්‍ය තත්ත්වය විකෘති කරමින් මහජනතාව තවදුරටත් නොමඟ යවමින් සිටින බවයි. මේ දක්වා වරදකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය  මැදිහත් වී නොමැති බවද ඔහු පෙන්වා දුන්නා. 

පසුගිය ජනාධිපතිවරණයෙන් පසු රට තුළ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ ද යන්න පිළිබඳ බරපතළ සැකයක් මතුව ඇති බව ද පෙන්වා දුන්  රුවන් විජයවර්ධන මහතා වරදකරුවන් ලෙස සමාජගත වූ කණ්ඩායම් සහ ආණ්ඩුවේ දේශපාලකයින් වත්මන් රජය යටතේ යහපත් පුද්ගලයන් ලෙස  පෙනී සිටීමට අවශ්‍ය  නීතිමය වටපිටාවක් සකස් කර ගැනීමේ උත්සාහයක නිරතවන බව ද සදහන් කළා.    

About The Author