කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති B.A අබේරත්න මහතා එම තනතුරින් ඉවත් කිරීම සඳහා විශේෂ මෙහෙයුමක් දියත් කර ඇති බව වාර්තාවනවා.
මේ පිටුපස රජයේ ප්‍රබල දේශපාලන හස්තයන් කිහිපයක් ක්‍රියාත්මක බවටයි චෝදනා එල්ල වන්නේ.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා අදාළ විදුහල්පතිවරයා මාරු කිරීමට උත්සහ කරමින් සිටින බවයි.
එයට එරෙහිව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කටයුතු කරමින් සිටින බවද ජෝසප් ස්ටාර්ලින් මහතා සදහන් කරනවා.
අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රමවේද බැහැර කරමින් දේශපාලකයන්ගේ උවමනා එපා කම් පිරිමසමින් අධ්‍යාපන පද්ධතිය අවුල් කර දැමීමට මේ වන විට කටයුතු කරමින් ඇති බවටද ඔහු චෝදනා කරනවා.
කෙසේ වෙතත් තමන්ට එල්ලවන බලපෑම හමුවේ කොළඹ රාජකීය විද්‍යලයේ විදුහල්පතිවරයා මේ වන විටත් සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති බව ද සදහන්.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි