හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ හිටපු අමාත්‍ය සාගල රත්නායක පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ අද (21) සාක්ෂි ලබාදීමට නියමිතව තිබෙනවා.
පාස්කු ප‍්‍රහාරය එල්ල වන සමයේ දී රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍යවරයා ලෙසත්, සාගල රත්නායක නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා ලෙසත් කටයුතු කළා. පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනාගෙන් අද දිනයේදී සාක්ෂි සටහන් කරගැනීමට නියමිතව තිබෙනවා.
මේ අතර එවක ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රුවන් විජේවර්ධනගෙන් ඉකුත් 18 වනදා පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති කොමිසමේ පොලිස් විමර්ශන ඒකකය සාක්ෂි සටහන් කරගත්තා.
මේ අතර හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ද පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවේ ලබන 26 වැනිදා සාක්ෂි ලබාදීමට නියමිතයි.
අත නොහැර කියවන තැන
ජනපති සහ IMF නියෝජිතයින් අතර සාකච්ඡාව හෙට
බස් දෙකක් කම්බස්
ආනයනික කිරිපිටි බද්ද ඉහළට