පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාලව බ්‍රිතාන්‍යයේ “චැනල් 4” නාලිකාව මගින් විකාශනය කළ වැඩසටහනට අදාලව විධිමත් පරීක්ෂණයක් කිරීම සඳහා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් තිදෙනකුගෙන් සමන්විත කමිටුවක් පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.
පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුව හා සිවිල් සේවය නියෝජනය කරමින් මෙම කමිටුව පත් කිරීමට නියමිතය.
ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති අතර කමිටු නියෝජිතයන් පත් කිරීමේ කටයුතු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහත්වරුන් වෙත පවරා තිබේ.


අත නොහැර කියවන තැන
ඉහළ කොත්මලේ එක් වාන් දොරටුවක් විවෘත කරයි
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
දෙහිවල සිටි ඇනකොණ්ඩා පැටවා අතුරුදන්