එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ආසියාවට තර්ජනයක් බව එම පක්ෂයේම සභාපති වජිර අබේවර්ධන මහතා පවසා තිබෙනවා.
ඒ එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සහ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර යන මහත්වරුන්ද සිටි උත්සව සභාවක් අමතමින්.
පක්ෂයේ ප්‍රවර්ධන වැඩසටහනක් පසුගියදා (30) හම්බන්තොට කටුවන ප්‍රදේශයේදී පවත්වා ඇති අතර එම උත්සව සභාව අමතමින් වජිර අබේවර්ධන මහතා මෙම ප්‍රකාශය සිදු කර තිබෙනවා.
තව දුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ මහබැංකු මංකොල්ල චෝදනාවෙන් එක්සත් ජාතික පක්ෂය නිදොස් කොට නිදහස් කල යුතු බවද පවසා තිබෙනවා.
පික් පොකට් ගැසූ පුද්ගලයින්ද අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන රටක බැංකුවක් කැඩූ පිරිසකට දඩුවම් දීමට ආණ්ඩුව අපොහිසත් වී ඇති බවත් ඉන් පැහැදිලි වන්නේ එක්සත් ජාතික පක්ෂයට එල්ල කළ අභූත චෝදනා පුස්සක් පමණක් වී ඇති බවත් අබේගුණවර්ධන මහතා පවසා තිබෙනවා.
මෙම කතාවේදී ඔහු පාස්කු ප්‍රහාරය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ආන්දෝලනාත්මක අදහස් පළකිරීමක් සිදු කරන්නේ පසුගිය රජයන් වලදිදී ජාතික ආරක්ෂාව බිඳ වැටුණු බව පවසමින්.
අත නොහැර කියවන තැන
ජනාධිපතිවරණය අස්සේ ඌවට නව ආණ්ඩුකාරයෙක්
ලංකාවේ ජනාධිපතිවරණය නිරීක්ෂණයට යුරෝපා සංගමයෙන් විශේෂ කණ්ඩායම් කිහිපයක්
බාල ඖෂධ සිද්ධියේ සමාගම හිමිකරු අංගොඩට – කෙහෙළිය දිගටම හිරේ – නිදහස් නොකලොත් අංගවිකල වෙයිලු