Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රනිල්,සජිත්,රාජිත,හරීන් ඇතුළු පිරිසක් තීරණාත්මක කතාබහක – ආණ්ඩුවට එරෙහි විපක්ෂය පුළුල් සන්ධානයකට සැරසෙයි

වත්මන් ආණ්ඩුවට එරෙහිව විපක්ෂය පුළුල් සන්ධානයක් ගොඩනැගීමට කටයුතු කරන බව සුදානම් වන බව වාර්තා වනවා.

මෙම සාකච්ඡා මේ වන විටත් ආරම්භ වී ඇති අතර විපක්ෂය නියෝජනය කරන පක්ෂ මයක් කිහිප දෙනෙකු සහ එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බව දේශපාලන අභ්‍යන්තර තොරතුරු හෙළි කරනවා.

මහමැතිවරණයෙන් පසු රනිල් – සජිත් මුල්වරට හමුවෙයි

කලක් තිස්සේ පවතී නිහඬතාවය බිඳ දමමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් සිදුව තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසේදීයි.

සජිත් ප්‍රේමදාස මහතා විසින් සකච්ඡාව සඳහා මුල පුර ඇති අතර ‘‘දේශපාලන පළිගැනීම් කොමිෂන් සභා වාර්තාව ’’ පිළිබඳ සජිත් ප්‍රේමදාස මහතා රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමුකරවා තිබෙනවා.

එයට ප්‍රතිචාර දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා අදාළ ජනාධිපති කොමිසම් වාර්තාව නීතියට පටහැනි බවත් ඉදිරි නීති මය උපදෙස් ලබාගනිමින් සියලු දෙනා එක්ව ඊට එරෙහිව සටන් කළ යුතු බවත් පවසා තිබෙනවා.

මේ අවස්ථාවේදී රනිල් නිවසේ සිටිමින් දෙමළ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ජනතා විමුක්ති පෙරමුණ යන දේශපාලන පක්ෂවල නායකයින් සමගද මේ පිළිබඳව අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.

රාජිතට පැවරුණ වගකීම සහ රනිල් – රාජිත හමුව

ආණ්ඩුවට විරුද්ධව පුළුල් පෙරමුණක් බිහි කිරීමේ කටයුත්තේදී සමගි ජන බලවේගය පාර්ශවයෙන් වැඩි වගකීමක් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා වෙත පවරා තිබෙනවා.

ඒ අනුව සේනාරත්න මහතා ද පළමුව හමුව තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතායි.

ආගිය තොරතුරු කතා කිරීමෙන් අනතුරුව දේශපාලන පලිගැනීම් පිළිබඳ කොමිසම් වාර්තාව මෙන්ම පාස්කු කොමිසම් වාර්තාව පිළිබඳවද එහිදී අවධානය යොමුව තිබෙනවා.

එහිදී රාජිත සේනාරත්න මහතා පාස්කු කොමිසමේ වාර්තාව පිළිබඳ කරුණු විමසු අවස්ථවේදී රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී ඇත්තේ එම වාර්තාව මගින් හිටපු ජනාධිපතිවරයාට ​චෝදනා එල්ල කර ඇති නමුත් ජනාධිපතිට විරුද්ධව ක්‍රියා කිරීමට හැකියාවක් නොමැති බවයි.

අපි මේ සියල්ලට එරෙහිව පුළුල් පෙරමුණක් හදන්න ඕන එහිදී සේනාරත්න මහතා පවසා ඇති අතර වික්‍රමසිංහ මහතා එය අනුමත කරමින් පවසා ඇත්තේ රජයේ ආයුකාලය මේ වන විට මාස කිහිපයකට සීමා වන තත්වයක් පෙනෙන්නට ඇති බවයි.

හරීන් ප්‍රනාන්දුත් රනිල් හමුවෙයි – වත්තල දෙනවා නම් මාත් එනවා හරීන් කියයි

පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක්ද සිදුව තිබෙනවා.

හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ 05 වෙනි පටුමගේ ඇති නිවසට ගොස් තිබෙන්නේ අසනීප තත්වයෙන් පසු වන රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වූ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ සුවදුක් බැලීමද අරමුණු කරගනිමින් බවයි වාර්තාවන්නේ.

එහිදී දීර්ඝ වෙලාවක් වත්මන් දේශපාලන තත්වය පිළිබඳ කරුණු සාකච්ඡා කර ඇති අතර ආණ්ඩුව ගෙන යන ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමනට එරෙහිව එක පෙරමුණක් සැදීම වෙනුවෙන් සියල්ලන්ම එකට එක් විය යුතු බවත් ඒ සඳහා අනිවාර්යෙන්ම එක්සත් ජාතික පක්ෂය සම්බන්ධ විය යුතු බවත් පවසා තිබෙනවා.

මීට අමතරව දැනට සිරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් දියත් කර ඇති සටන සඳහා ද සියල්ලන්ම එකතු විය යුතු බවද හරීන් ප්‍රන්නාදු මන්ත්‍රීවරයා මෙහිදී පවසා තිබෙනවා.

මෙම සාකච්ඡාව අතර තුර රනිල් වික්‍රමසිංහ මහතා විසින් පවසා “එතකොට හරීන්ටත් අපිත් එක්කම එකතුවෙලා වැඩ කරන්න පුළුවන් නේද” යනුවෙනි.

එහිදී සිනාමුසුව පිළිතුරු දුන් හරීන් මන්ත්‍රීවරයා පවසා ඇත්තේ “වත්තල ආසනය තමා වෙත ලබා දෙනවනම් තමන් එක්සත් ජාතික පක්ෂය හා එක්වන බවයි”

නමුත් මෙය විහිලුවකට පමණක් සීමා වූ බවයි වාර්තා වන්නේ.

About The Author