පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට වසර 4 ක බරපතල වැඩ සහිත සිරදඩුවමක් ලබා දීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.
ඒ ජනමාධ්‍ය හරහා මෙරට අධිකරණ පද්ධතියේ බොහෝ විනිසුරුවරුන් දුෂිතයින් බව පවසමින් අධිකරණ පද්ධතියට හා නීතිඥයන්ට අපහාසයක් සිදු කර ඇතැයි යන සිද්ධිය සම්බන්ධයෙන් වන නඩු විභාගයට අදාළවයි.
මේ සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් පුරා පැවති නඩු විභාගය අවසන් කරමින් මන්ත්‍රී රංජන් රාමනායක මහතා වරදකරුවකු බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් විසින් තීරණය කළ අතර ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට වසර 04 සිර දඬුවමක් නියම කරනු ලැබ තිබෙනවා.
අත නොහැර කියවන තැන
විදෙස් රටවල තානාපතිවරුන් සහ රාජතාන්ත්‍රික නිලධාරීන් රැසකට අක්තපත්‍ර ප්රදානය කර නෑ : හේතුව අරගලයලු
ජනපති රනිල්ගේ රාජාසන කතාවේදී පරාක්‍රමබාහු රජු එළියට පනී : යහපාලන වැඩ බකල් කළ අය ගැනත් කියයි
අරගලකරුවන්ට නැවත වතාවක් අතපය කඩා ගන්නට වෙන හැටි පොහොට්ටුවේ සනත් නිශාන්ත පැහදිලි කරයි