බරපතල වැඩ ඇතිව වසර හතරක් සිරදඩුවම් නියම වූ රන්ජන් රාමනායක මහතා දරන පාර්ලිමේන්තු අසුන පිළිබඳ මේ වන විට කතා බහක් නිර්මාණය වී තිබෙනවා.
රන්ජන් රාමනායක මහතාට මෙම දඩුවමට අදාලව පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වුවහොත් එම පුරප්පාඩු වන මන්ත්‍රී ධුරය සඳහා ගම්පහ දිස්ත්‍රික් සමගි ජන බලවේග ලයිස්තුවේ මීළඟට සිටින අපේක්ෂකයා වන්නේ කවුද යන්න පිළිබඳ අප සොයා බැලුවා.
ඒ අනුව මෙවර මහමැතිවරණයෙන් සමගි ජන බලවේගය නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් හතර දෙනෙකු තේරී පත්වුණා.
සරත් ෆොන්සේකා , රන්ජන් රාමනායක , හර්ෂණ රාජකරුණා ,කවින්ද ජයවර්ධන යන මන්ත්‍රීවරුන් එලෙස තේරී පත් වුණු පිරිසයි.
එම ලයිස්තුවේ මීළඟ අපේක්ෂකයා අජිත් මාන්නප්පෙරුම මහතායි. ඒ අනුව රන්ජන් රාමනායක මහතා තම මන්ත්‍රී ධුරයේ වගකීම් වලින් නිදහස්වන විට මාන්නප්පෙරුම මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සදහා පාර්ලිමේන්තුව තුලට යාමට නියමිතයි.
කෙසේ වුවත් රන්ජන් රාමනායක මහතාට දිගටම මන්ත්‍රී ධුරය දැරීමට හැකියාව ඇති බවටද තර්කයක් ගොඩ නැගී තිබෙනවා.
එයට හේතුව වී තිබෙන්නේ මේ වන විට මිනීමැරුම් නඩුවක වරදකරුව ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියමව සිටින ප්‍රේමලාල් ජයසේකර මහතාද මේ වන විට පාර්ලිමේන්තු සැසිවාර සඳහා සහභාගී වීමයි.
කෙසේ වෙතත් ඒ පිළිබඳ අවසන් තීරණයක් මෙතක් ගෙන නැහැ.
අත නොහැර කියවන තැන
ආනයනික කිරිපිටි බද්ද ඉහළට
ඊබ්‍රහිම් ගැන අනුර කට අරී
කොළඹට හෙට (23) පැය 12 ක ජල කප්පාදුවක්