අධිකරණයට අපහස කිරීමේ චෝදනාවට වරදකරුව වසර හතරක කාලයක් සඳහා බරපතල වැඩ සහිතව සිර දඩුවම් නියමවී සිටින රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධුරය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට තමන්ට සති තුනක කාලයක් ලබා දෙන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියා.
මේ වන විටත් නීතිපති දප්පුලද ලිවේරා මහතා විසින් රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රීධුරය අහිමිවන බව නිල වශයෙන් පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා.
නමුත් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසන්නේ තව දුරටත් මේ සම්බන්ධයෙන් නීති උපදෙස් ලබා ගනිමින් කටයුතු කිරීම අවශ්‍ය බවයි.
කොරෝනා අවදානම හේතුවෙන් අවසන් තීරණය සම්බන්ධ නීති උපදෙස් ගැනීම ප්‍රමාද විය හැකි බැවින් සති තුනක පමණ කාලයක් අවශ්‍යවනු ඇති බවයි ඔහු සඳහන් කළේ.
ඔහු මේ අදහස් පළකළේ විපක්ෂය විසින් පාර්ලිමේන්තුවේදී රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රීධුරය සම්බන්ධයෙන් නැගු ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින්.
අත නොහැර කියවන තැන
නිදහස් කළ අය ලසන්ත නඩුවට සම්බන්ධ අය නෙමෙයිලු – නීතිපති කරුණු කියයි
නීතිපතිට දේශපාලන බලපෑම් එපා හරි ක්‍රමයට වැඩ කරන්න – ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනපතිට ලියයි..
ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීමෙන් ආණ්ඩුවත් අවුලක