රුපියල් කෝටි 13 කාලා
පැපිලියාන ප්‍රදේශයේ පිහිටි වාහන සේවා හා නඩත්තු කිරීමේ ආයතනයක ශාඛා දෙකක පරිගණක පද්ධතිවල ව්‍යාජ ගිණුම් පවත්වාගෙන යමින් එම ශාඛා දෙක සතු රුපියල් කෝටි දහතුනකට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරයකු අද (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔටෝ මිරාජ් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ N. චන්ද්‍රමෝහන් සහ ඔහුගේ බිරිඳ සියුලින් කාවෝ යන අය විසින් ආසන්න වශයෙන් මිලියන 300 – 400ක් අතර වංචාවක් සිදු කර ඇතැයි පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි පොලිසිය පැවසුවා.
මේ සම්බන්ධයෙන් වාණිජ මහාධිකරණයේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කර නඩු විභාගයක්ද පැවැත්වෙනවා. නඩු අංක B3126/20 යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේ මෙම නඩුව පවත්වාගෙන යයි.
දින ගණනාවක කළ මෙහෙයුමකින් පසු මෙම සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගැනීමෙන් පසුව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, ගරු අදිකරණ නියෝග පරිදි ලක්ෂ 5 බැගින් ශරීර ඇප දෙකක් මත එන්. චන්ද්‍රමෝහන් සහ ඔහුගේ බිරිඳ සියුලින් කාවෝ යන අය දැඩි අධිකරණ කොන්දේසි මත මුදාහරනු ලැබ තිබෙනවා.
More Stories
මහ බැංකුවෙන් බැංකු වලට නියෝගයක්
ලංකාවේ ආර්ථිකය හාන්සියි : ෆිච් රේටින් ලංකාව බංකොලොත් අඩියේ තබා වාර්තා කරයි
6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා දරුවන්ට නොමිලේ අධ්‍යාපනය ලබා දීම සඳහා පුද්ගලික ආයතනයකින් වැඩසටහනක්