රට බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණ දී පෙනී සිටින අවස්ථාවක පසුගිය ජනවාරි මාසයේ ඩොලර් මිලියන 500ක මුදලක් ස්වෛරීත්ව බැඳුම්කර වෙනුවෙන් රාජපක්ෂවරුන්ට ගෙවා දැමූ බවට එවක මහ බැංකු අධිපති ධුරය දැරූ අජිත් නිවාඩ් කබ්රාල් මහතාට චෝදනා එල්ල වුණා.
අදාළ ඇ. ඩොලර් මිලියන 500 ක මුදල නොගෙවා කල් ගැනීමට හැකියාව තිබිය දී ප්‍රාථමික ගැණුම්කරුවන්ට වහාම එම මුදල් ගෙවා දැමීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ද ප්‍රශ්න කිරීම සිදු වූ අතර ඉතා දූෂිත නිසා එම තොරතුරු වසන් කිරීම ආණ්ඩුව පියවර ගෙන තිබුණා.
ඩොලරයේ අගය බලෙන් නවතා ගැනීම වෙනුවෙන් මහ බැංකුව සතුව තිබූ සීමිත ඩොලර් සංචිතය ද තොග ගණනින් වෙළඳ පොලට මුදා හැරීම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වුණා.
ඒ හරහා ද විශාල මූල්‍ය වංචාවක් සිදු වූ බවට මේ වන විට චෝදනා එල්ල වී තිබෙනවා.
මහ බැංකු අධිපති ධූරයෙන් අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව කීර්ති තෙන්නකෝන් මහතා විසින් ගොනු කර ඇති අපරාධ නඩුවක් ගොනුකර තිබෙනවා.
ඒ ඇමරිකානු ඩොලර් මිලියන පන්සීයක මුදලක් ස්වෛරිත්ව බැඳුම්කර වෙනුවෙන් නිදහස් කිරීම සම්බන්ධවයි.
එම පැමිණිල්ලට අදාළ නඩුව පසුගියදා (23) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ අතර, එහිදී ඇමරිකානු ඩොලර් මිලියන 500 ක මුදල ගෙවන ලද ප්‍රාථමික ගැණුම්කරුවන්ගේ ලැයිස්තුවක් මහ බැංකුවෙන් ලබා ගැනීමට පැමිණිලි පාර්ශ්වය විසින් කරන ලද ඉල්ලීමට අධිකරණය අවසර ලබාදී තිබෙනවා.
නඩුව විභාගයට ගන්නා අවස්ථාවේ අජිත් නිවාඩ් කබ්රාල් මහතා උසාවියේ මගහැර සිට ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව සියලු කරුණු සැලකිල්ලට ගනිමින් අධිකරණය විසින් අජිත් නිවාඩ් කබ්රාල් මහතාට පනවා ඇති විදෙස් ගමන් තහනම, 2022 ජූලි මස 25 වැනිදා දක්වා දීර්ඝ කර තිබෙනවා.
More Stories
රනිල් රට ව්‍යසනයකට ගෙනියනවා : මුදල් ඇමති කම ෆේල් : පොහොට්ටු ඇමති ධම්මික අගමැති රනිල්ට ඉවත්වන ලෙස දැනුම්දෙයි : ඔස්තාර්ලා සමඟ විවාදයකට එන්නැයි අභියෝග කරයි
ඔබතුමාව අයින් කරන්න යන්නේ කියල මමත් දන්නවා : මාස හයෙන් රට හදන්න බෑ – හැරෙන තැපෑලෙන් අනුර අගමැතිට උත්තර දෙයි
ගෑස් නැවට බාල ගිරි ගොඩ වෙයි