නෛතික ක්‍රියාවලින් සියල්ල බැහැර කරමින් රටේ සම්පත් කුණුකොල්ලයට විකුණා දැමීම සඳහා වත්මන් ආණ්ඩුව කටයටුතු කරමින් සිටින බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරනවා.
ඔහු පෙන්වා දෙන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මේ සඳහා කැබිනට් පත්‍රිකාවක්ද ඉදිරිපත් කර ඇති බවයි.
වේගවත් සංවර්ධන මාර්ග සකස් කිරීමට බව පවසා මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීම හරහා දුෂිත ලෙස රටේ සම්පත් විකුණා දැමීමට සුදානම් වන බවත් , විශාල පරිසර දුෂණයක් ද සිදු කිරීමට ඉඩකඩ ලබා දෙමින් අත්තනෝමතික ලෙස කටයුතු කිරීමට සැරසෙන බවත් අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරනවා.
ඔහු මේ අදහස් පලකලේ ” කැකිල්ලේ කොමිසම් විගඩමට එරෙහි ජනහමුව ” යන මැයෙන් කොළඹ හයිඩ් පාර්ක් පිටියේදී පසුගියදා සංවිධානය කර තිබු ජනරැළිය අමතමින්.
අත නොහැර කියවන තැන
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට
‘අභිචෝදක තනතුර’ නීතිය දේශපාලනයට යටකිරීමක් – හිටපු අගවිනිසුරුවරයෙක් ආණ්ඩුවට අනතුරු අඟවයි