Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රජරට ට වින කටින රෝගයක් , රෝග වාහකයා වැලි මැස්සෙක් – සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රයන්ටද හානි

අපේ රටේ පළමු රාජධානිය වූ රජරට බොහෝ දෙනකු අදටත් දිවි සරි කර ගන්නේ ගොවිතැන් කටයුතුවලින් .රටට බත දෙමින් දිවි අරගලය ජය ගැනීමට වෙරදරන ගොවි ජනතාවට ලබා ඇති කලදසාව නම් එතරම් සුබ නැහැ .

ඒ ලීෂ්මනයිසිස් නම් රෝගයක් රජරට පුරා නිහඬවම පැතිර යන බැවින් .අපිට ඒ තරම් හුරු නමක් නොවුනත් මෙය ලෝකයට නම් නුහුරු නමක් නොවෙයි .

නිවර්තන කලාපීය රටවල නොසලකා හැර ඇති රෝගයක් ලෙසින් හඳුන්වන මෙහි වාහකයා වන්නේ ආසාදිත ෆ්ලෙබෝටමින් ගැහැණු වැලි මැස්සෙක්.

මෙම රෝගයේ ආකාර තුනක් ඇති අතර දෘශ්‍ය ලීෂ්මනයිසිස් , කටේනියස් ලීෂ්මනයිසීස් සහ ශ්ලේෂ්මල කැපූ ලීෂ්මනයිසීස් යන්න ඒවායි

ඇතැම් අවස්තා වලදී තමන්ට රෝගය වැළඳුණ ද යන්න පවා හඳුනා ගැනීමට රෝගීන් අපොහොසත් වෙනවා.

ඊට හේතුව තුවාල ඉබේම සුව වීමයි .ඇතැම් අවස්ථාවලදී අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට හානි වීම දක්වා රෝගය පැතිර යා හැකියි.

බොහෝවිට සුව නොවන තුවාලයක් ලෙසින් පමණක් දැකිය හැකි මේ රෝගය වැලදුනු පළමු පුද්ගලයා මෙරටින් වාර්තා වූයේ 1992 වසරේ දීයි.

මේ වන විට අනුරාධපුරය , පොළන්නරුව කුරුණෑගල, හම්බන්තොට යනාදී දිස්ත්‍රික්ක කිහිපයකින් රෝගින් වාර්තා වී ඇති අතර වැඩිම පිරිසක් වාර්තා වන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් . තලාව, පදවිය, නුවරගම් පළාත යන ප්‍රදේශවලින් කටේනියස් ලීෂ්මනයිසීස් රෝගීන් බහුලව වාර්තා වන අතර අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් පවසන්නේ මෙම රෝගය වැලදුණ පුද්ගලයින් වාර්තා වන ප්‍රමාණය කෙමෙන් කෙමෙන් වැඩිවන බවයි.

මේ වන විට වසරකට රෝගීන් 500 ඉක්මවා ප්‍රමාණයක් වාර්තා වීම ආරම්භ වී ඇති බවත් ,එය ක්‍රමයෙන් වැඩි වෙමින් යන බවත් වෛද්‍යවරුන් වැඩිදුරටත් පවසනවා.

මෙම රෝගය පැතිර යාමට වැට බැඳීමට සහ රෝගීන්ගේ මානසික සෞඛ්‍යය ඉහළ නැංවීම වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ විශ්වවිද්‍යාලයක් සහ තවත් රටවල් කිහිපයක විශ්ව විද්‍යාල රජරට සරසවිය හා අත්වැල් බැඳගෙන විශේෂ ව්‍යාපෘතියක් ද ක්‍රියාවට නංවා තිබෙනවා .

© ජානකී වික්‍රමසිංහ