Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

යුද හමුදාව , ගුවන් හමුදාවේ වැඩකට අත ගහලා

ශ්‍රී ලංකා යුද හමුදාව ඩ්‍රෝන රෙජිමේන්තුවක් පිහිට වූ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා. භුමියේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා යුද හමුදාව විසින් මෙම ඩ්‍රෝන රෙජිමේන්තුවේ සහය ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි හමුදාපතිවරයා ප්‍රකාශ කළේ.

යුද්ධයක් අවසන් කළ රටක් වශයෙන් රට තුල ඇතිවන ආපදා කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ඉදිරියේදී මාතෘභූමියේ ආරක්ෂාව වෙනුවෙන් මෙම ඩ්‍රෝන රෙජිමේන්තුවේ සහය ලබා ගැනීමට හැකියාව ලැබෙන බවයි හමුදාපතිවරයා සඳහන් කළේ. යුද හමුදාව සෑම අතකින්ම ශක්තිමත් කළ යුතු බවත් එම කටයුතු මේ වන විට ආරම්භ කොට ඇති බව ද යුද හමුදාපතිවරයා සඳහන් කර සිටියා.

යුද්ධය පැවති සමයේදී ගුවන් හමුදාව විසින් යුද හමුදාවට භුමියේ නිරීක්ෂණ සඳහා ලබා දුන් ගුවන් නිරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් ස්තුතිය පුදකරන බවද හමුදාපතිවරයා ප්‍රකාශ කළා.

යුද හමුදාවට අවශ්‍ය වාහන යුද හමුදාව විසින්ම නිපදවා ගැනීමේ ව්‍යාපෘතියක්

මේ අතර ශ්‍රී ලංකා යුද හමුදාවට අවශ්‍ය වාහන යුද හමුදාව විසින්ම නිපදවා ගැනීමේ සැලසුම යටතේ නිපදවූ ලොරි රථයක, ගලි බවුසරයක හා වතුර බවුසරයක මූලාකෘති අද (12) දිනයේදි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නිරීක්ෂණයට ලක්විය.

විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බළකායේ උඩවලව වැඩපොළේදී මෙම වාහන නිපදවා තිබෙන අතර රථයන් නිශ්පාදනය කිරීමේදී ඒ සඳහා අවශ්‍ය ඇතැම් කොටස් පමණක් පමණක් විදේශයන්ගෙන් ආනයනය කර තිබේ.

About The Author