2022 අගෝස්තු 15

Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

යුක්‍රේන සංචාරකයන් රටින් පිටව ගියත් ඔවුන් හා සම්බන්ධ වූ සියලු ලාංකිකයන් සති 2ක් නිරෝධායනය විය යුතුයි

යුක්‍රේන සංචාරකයන් සමග සම්බන්ධවන සියලුම ලාංකිකයින් දින 14 ක නිරෝධායනට අනිවාර්යයෙන්ම යටත් විය යුතු බව වසංගත රෝග විද්‍යා අංශයේ ප‍්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.

ජෛව ආරක්‍ෂිත බුබුල යන සංකල්පය යටතේ අදාළ සංචාරකයන් දිවයින පුරා සංචාරය කරන බවත් ඒ අනුව එම බුබුලට ඇතුලත්වන සියලුම ලාංකිකයන් ද එම බුබුලට ඇතුලත් වන බවයි පෙන්වා දෙන්නේ.

දින 14ක් සංචාරකයන් නිරෝධයනයේ තැබීම ප්‍රයෝගික නොවන බැවින් ඔවුන් සාමාන්‍ය අයුරින් සංචාරයේ යෙදෙන බවත් ඔවුන් දිවයිනෙන් පිටව ගිය පසුව ඔවුන් සමග ජෛව බුබුලට සම්බන්ධ වූ සියලුම ලාංකිකයන් සති දෙකක් නිරෝධයනයේ සිටීම අනිවාර්ය බවයි ඔහු සාදන් කරන්නේ.

එසේ නොවුන හොත් කොරෝනා රෝගය රට පුරා පොකුරු නිර්මාණය කරමින් ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවද ඔහු පෙන්වා දෙනවා.

වසංගත රෝග විද්‍යා අංශයේ ප‍්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා