Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

යුක්‍රේන නඩය සමග සංචාරක කර්මාන්තය නැංවීමට ගිය යාල සෆාරි රියදුරන් 27 ක් පවුල් පිටින් කොරෝනා අවදානමක

නියමු ව්‍යාපෘතිය යටතේ මෙරටට පැමිණි යුක්රේන ජාතිකයන් පිරිසක් යාල වනෝද්‍යානයේ සංචාරයට රැගෙන ගිය සෆාරි ජීප් රථ 27 ක රියදුරන් පිරිස නිරෝධායනයට යොමු කිරීමට බලධාරීන් සූදානම් වන බව නෙත් නිව්ස් වාර්තා කරනවා

ජිප්රථ රියදුරන් නිරෝධායනයට යොමුකරන බව බලධාරීන් කල් තියා දැනුවත් නොකළ බවයි යුක්රේන ජාතිකයන් රැගෙන ගිය ජීප් රථ රියදුරෙකු වන අනුර පි‍්‍රයංග මහතා ප්‍රකාශ කර ඇත්තේ.

සිය නිවෙස් තුළ නිරෝධානයවීමට අවස්ථාව සලසා දෙන ලෙසට එම ජීප් රථ රියදුරන් බලධාරීන්ගෙන් ඉල්ලීමක් ද කර තිබෙනවා.

පෙර දැනුම්දීමකින් තොරව එම ජීප් රථ රියදුරන් නිරෝධායනයට යොමු කිරීමට ගෙන ඇති තීරණය පිළිබද තිස්ස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ප‍්‍රභාත් ලියනාරච්චි මහතාගෙන් කළ විමසීමකදී එම විදේශිකයන් පිරිස යාල වනෝද්‍යානයේ සංචාරයක නිරත වන බවට කිසිදු බලධාරියෙක් හෝ ඊට අදාළ කිසිදු ආයතනයක් තමන්ව දැනුවත් කර නොතිබූ බවත් ජීප් රථ රියදුරන් නිරෝධායනයට යොමු කිරීමට තමන් කටයුතු නොකළ බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස් හෙට්ටිආරච්චි මහතාගෙන් කළ විමසීමකදී යුක්රේන ජාතිකයන් සමග සම්බන්ධ වන සියලූ පාර්ශව නිරෝධායනය කළයුතු බවට කල්තියා තීරණය කළ බවත් ඒ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් දැනුවත් කර ඇති බවත් ලේකම්වරයා ප්‍රකාශ කර තිබෙනවා.

එහෙත් එම සංචාරකයන් සමග සම්බන්ධ වන ශී‍්‍ර ලාංකිකයන්ට ඒ පිළිබද කල් තියා දැනුම් දෙන ලෙසටද බලධාරීන් වෙත උපදෙස් ලබාදී තිබූ බවයි ඔහු සදහන් කර තිබෙන්නේ. කෙසේවෙතත් මේ පිළිබදව යාල ජීප් රථ රියදුරන් කල් ඇතිව දැනුවත් නොකිරීම පිළිබදව තමන් සොයා බලන බවයි සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස් හෙට්ටිආරච්චි වැඩිදුරටත් පවසා ඇත්තේ.

කෙසේ වෙතත් සෞඛ්‍ය බලධාරීන් විසින් ම මෙම යුක්‍රේන සංචාරක කණ්ඩායමට රට පුර සංචාර කිරීමට අනුමැතිය ලබා දී ඇත්තේ සිදු කරන ලද PCR පරීක්ෂණ වලින් ඔවුන් ආසාදිතයන් නොවන බව හදුනා ගැනීමෙන් අනතුරුව බවද පැවසුණා.

කෙසේ වෙතත් මෙම සිදු වීම හරහා එම ප්‍රකාශ සහ පරීක්ෂණ සම්බන්ධයෙන් බරපතල ගැටළුවක් මතුව තිබෙනවා.

© මුලාශ්‍රය – නෙත් නිවුස්

About The Author