කිලෝ ග්‍රෑම් 658.8 ක ධාරිතාවයකින් යුත් පරිභෝජනයට සුදුසු මත්ස්‍ය තොගයක් අපනයනය කිරීම පසුගිය (08) දා මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ හරහා සිදු කර තිබෙනවා.
මෙහි සුවිශේෂී කරුණ වන්නේ එදින PQ-555 දරණ යුක්‍රේනය බලා ගමන් කළ සංචාරකයන් රැගත් ගුවන් යානය තුළම ගුවන් භාණ්ඩ වශයෙන් මෙම මත්ස්‍ය තොගය පටවා යැවීමයි.
මෙම ක්‍රියාවලිය ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට කටයුතු සැලසුම් කර ඇති අතර, වැඩි ධාරිතාවයකින් යුත් පරිභෝජනය සඳහා වන මත්ස්‍ය අපනයනයන් ඉදිරියේ දී ද සිදු කිරීමට සැලසුම් කර තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් ගුවන් තොටුපළ හා ගුවන් සේවා (පුද්) සමාගම පවසනවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට