මෙරටට පළමුව පැමිණි යුක්රේන ජාතික සංචාරකයන් පිරිස යාල වන උද්‍යානයේ සංචාරයට ගෙන ගොස් දින 14 ක් නිරෝධායනයට යැවීම හා එම ගමනේ අඩුපාඩු සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දැක්වූ සෆාරි රියදුරන් තිදෙනා නැවත යුක්රේන සංචාරකයන් යාල පැමිණ සිදු කරන සෆාරි ගමන් වලින් ඉවත් කර තිබේ.
යාල වනෝද්‍යානයේ සංචාරය සදහා යුක්රේන සංචාරකයන් 65 දෙනෙකු පසුගියදා (20) පැමිණ ඇති අතර පළමු සංචාරයට එක්ව මාධ්‍යයට කරුණු දැක්වූ සෆාරි රියදුරන් ඊට සම්බන්ධ කර නොගන්නා ලෙස දේශපාලන අධිකාරියෙන් තමන්ට දැනුම් දී ඇතැයි සෆාරි රියදුරන්ගේ සංගමය සදහන් කරනවා.
ඒ අනුව පෙර සංචාරයට එක්වූ රියදුරන් තිදෙනෙකු මෙම සංචාරයෙන් ඉවත් කර තිබේ.
පළමු සංචාරයෙන් පසු යුක්රේන ජාතිකයන් ගෙන ගිය ජිප් රථ රියදුරන් දින 14 ක කාලයක් නිරෝධායනයට යොමු කිරිම නිසා එහි රියදුරන් කිහිප දෙනෙකු තමන්ට වූ අසාධාරණය සමාජ මාධ්‍ය හරහා මෙන්ම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය හරහා ද ප්‍රකාශ කරන ලදි.
එම නිසා මීට පෙර සංචාරයට එක්වූ සෆාරි රථ රියදුරන් 28 දෙනාගෙන් තිදෙනෙකු මෙවර සංචාරයෙන් ඉවත් කර තිබේ. මේ දිනවල සංචාරකයන් යාලට ගෙන එන්නේ ආණ්ඩුවේ මැදිහත්වීමෙන් බැවින් ඔවුන්ට කැමැති කණ්ඩායමක් අදාල සංචාර සඳහා තෝරා ගත හැකි බව සෆාරි රියදුරන් පවසයි.
තමන් කළ සාධාරණ විවේචනය හේතුවෙන් යුද හමුදාව මේ කටයුතු සදහා මැදිහත්ව ඇති බවත් සියළු රියදුරන්ට ආරක්ෂිත ඇදුම් ලැබී ඇති බවත් රියදුරන් කියා සිටියි.
ආණ්ඩුවේ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙක් මෙම කටයුතු සම්බන්ධිකරණය කර බව පැවැසු මෙම රියදුරන් ඔහුගේ මැදිහත්විමෙන් මෙම රියදුරන් තිදෙනා කැපි ගොස් ඇතැයි ද පවසනවා.
නිරෝධායනය වූ කාලය තුළ තම නිවැසියන්ට හරිමන් ලෙස ආහාර පානවත් ලැබි නොමැති බවද මෙම රියදුරන් පෙන්වා දෙනවා.
තමන් ලීසිං ඇතුළු ගෙවිම් ඇති නිසා එම නිසා මෙවැනි අසාධාරණ ක්‍රියා නොකරන ලෙසද ඔවුන් බලධාරින්ගෙන් ඉල්ලා සිටින බවද සඳහන්.
© මුලාශ්‍රය – ලංකා වෙබ්
අත නොහැර කියවන තැන
නිදහස් කළ අය ලසන්ත නඩුවට සම්බන්ධ අය නෙමෙයිලු – නීතිපති කරුණු කියයි
නීතිපතිට දේශපාලන බලපෑම් එපා හරි ක්‍රමයට වැඩ කරන්න – ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනපතිට ලියයි..
ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීමෙන් ආණ්ඩුවත් අවුලක