කොරෝනා ව්‍යාප්තියෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණි පළමු සංචාරක කණ්ඩායමේ හය දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.
ශ්‍රී ලංකාවට මත්තල ගුවන්තොටුපල හරහා පැමිණි යුක්රේන ජාතික සංචාරක කණ්ඩායෙම් හය දෙනෙකුට මෙසේ වෛරසය ආසාදනය වී ඇත.
කෙසේ නමුත් සෞඛ්‍ය අංශ කියා සිටින්නේ මෙම පිරිසගේ වෛරසය පැතිරීමේ ඉඩක් නොමැති බවයි.
එමන්ම එම සංචාරකයන්ට කොරෝනා අසාදනය වී තිබිය හැකි බව මෙරට සෞඛ්‍ය අංශද දැන සිටි බවයි.
මහජන සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ විදෙස් සංචාරකයින් මෙරටට ගෙන්වා ගෙන ඇත්තේ නියමිත සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව බවයි.
විදේශයන්හි සිට පැමිණෙන සංචාරකයෙකු කොරෝනා ආසාදිත බවට තහවුරුවුවහොත්, ගත යුතු කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් පෙර සිටම සැලසුම් සකස් කර තිබූ බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප‍්‍රකාශ කළා.
ඔවුන් මහජනතාව සමග මුසු නොවන ලෙස සංචාරය කරනු ඇතැයිද ඔහු කියා සිටී.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට