පසුගිය රජය සමයේ දී රාජ්‍ය බැංකු සහ ඒවාට අනුබද්ධ ආයතන තුළ සිදුකර ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් පැමිණිලි 100කට අධික සංඛ්‍යාවක් මේ වන විට ලැබී ඇතැයි ඒ පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ කමිටුව පවසයි.
බැංකු, වෘත්තීය සමිති සහ මහජනතාව එම පැමිණිලි ඉදිරිපත් කර තිබේ.
තවදුරටත් එම පැමිණිලි ලැබෙමින් පවතින බැවින් පැමිණිලි භාරගැනීම සඳහා ලබා දී තිබූ කාලය සැප්තැම්බර් මස 30 වැනිදා දක්වා දීර්ඝ කරන බවත් එම කමිටුව කියා සිටියි.
ප්‍රධාන රාජ්‍ය බැංකු හතර තුළ 2015 ජනවාරි මස 08 වැනිදායින් පසු සිදුව ඇති අක්‍රමිකතා, ඒකී ආයතනවල අරමුණුවලට පටහැනිව සහ බැංකු පනතේ විධිවිධාන සහ කාර්ය පරිපාටිවලට අනුකූල නොවන අයුරින් කටයුතු කළ අවස්ථාවන් සහ ඵලදායී නොවූ ක්‍රියාවන් හා ගණදෙනු විධිමත්ව අධ්‍යනය කිරීම සඳහා මෙම සිව් පුද්ගල කමිටුවක් පත්කර ඇත.
හිටපු මහාධිකරණ විනිසුරු සිසිර රත්නායක මහතා මෙම කමිටුවේ සභාපති ලෙස කටයුතු කරනු ලබයි.
වරලත් ගණකාධිකාරී සුසන්ත ද සිල්වා හා විශ්‍රාමික අතිරේක විගණකාධිපති ඩබ්ලිව්. ප්‍රේමානන්ද යන මහත්වරු සෙසු සාමාජිකයෝ වෙති.
අත නොහැර කියවන තැන
නිදහස් කළ අය ලසන්ත නඩුවට සම්බන්ධ අය නෙමෙයිලු – නීතිපති කරුණු කියයි
නීතිපතිට දේශපාලන බලපෑම් එපා හරි ක්‍රමයට වැඩ කරන්න – ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනපතිට ලියයි..
ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීමෙන් ආණ්ඩුවත් අවුලක