Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

යහපාලනයේ Mono Rail ව්‍යාපෘතිය නවතා දැමු ආණ්ඩුවට, රු මිලියන 5000 ක් ජපානයට වන්දි ගෙවන්න වෙයි – ව්‍යාපෘතියත් මුදලත් දෙකම රට ට අහිමි වෙයි

යහපාලන රජය විසින් කොළඹ නගරයේ රථවාහන තදබදයට විසදුමක් ලෙස නිමානය කිරීමට සැලසුම් කර තිබු සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අත්හිටුවීමට වත්මන් රජය පසුගියදා පියවර ගනු ලැබුවා.

කෙසේ වෙතත් ජපන් ණය මුදලක් මත ඉදිකිරීමට සැලසුම් කර තිබු මෙම ව්‍යාපෘතියට අදාළව මුලික අදියරේ ශක්‍යතා වාර්තා මෙන්ම මුලික දළ සැලසුම් සකස් කිරීම පවා අරඹා තිබු බවයි වාර්තාවන්නේ.

මෙම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය හරහා මාලඹේ , බත්තරමුල්ල , කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක් එකිනෙක සම්බන්ධ කිරීමටයි සැලසුම වී තිතිබු බවද සදහන්.

කෙසේ වුවත් රාජතාන්ත්‍රික මට්ටමින් ණය මුදලක් සහ ව්‍යාපෘති සහය ඉල්ලා සිටි ශ්‍රී ලංකාව එක වරම එම සියලු කොන්දේසි කඩ කරමින්ම සියලු කටයුතු නැවතා දැමීම හරහා ගැටළු රැසක් නිර්මාණය වී තිබෙනවා.

වත්මන් රජය විසින් අදාළ ව්‍යාපෘතිය නතර කර දැමීමට තීරණය කර දමන මොහොත වන විටත් රුපියල් බිලියන 3ක පමණ මුදලක් ද වියදම් කර ඇති බව ද මේ වන විට වාර්තා වනවා.

එම තත්වයන්ද සැලකිල්ලට ගනිමින් (JICA) ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය වෙත ශ්‍රී ලංකා රජයට රුපියල් මිලියන 5000 ක වන්දියක් ගෙවීමට සිදුව ඇති බවයි වාර්තාවන්නේ.

අදාළ ව්‍යාපෘතිය සඳහා වසර 35කින් ගෙවී යන ලෙස ණය මුදලක් ලබා ගැනීමටටයි නියමිතව තිබුණේ.

විෂය භාර රාජ්‍ය ඇමති නාලක ගොඩහේවා මහතා ද මෙම තත්වය සනාථ කර ඇති අතර ඔහු සඳහන් කර ඇත්තේ අදාළ සැහැල්ලු දුම්රිය ව්‍යාප්තිය සඳහා හම්බන්තොට වරාය සෑදීම සදහා වියදම් කළ මුදල මෙන් දෙගුණයක් වැය කිරීමට නියමිතව තිබූ බවයි.

එතරම් විශාල මුදලක් වැය කිරීම දර ගැනීම අපහසු වූ බැවින් එම ව්‍යාපෘතිය අත්හිටුවීමට රජය තීරණය කළ බවද ඔහු සඳහන් කර තිබෙනවා.

© මුලාශ්‍ර – LankaCNews.com

About The Author